ශේෂාද්‍රිගේ මඩ නෑම

කලාව උපතින්ම රැගෙන පැමිණි ශේෂාදි ප්‍රියසාද් මඩ නෑ අන්දම අපට ආරංචි වූයේත් ඇයගෙන්මයි.

ඒ උදයකාන්ත වර්ණකුලසූරිය මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වන “චැලෙන්ජර්ස්” චිත්‍රපටය අතරතුර දීයි.

තරුණ පිරිසක් සමඟ කළ ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවපු ශේෂාදිට මඩ වගුරක බැහැලා ගහගන්න දර්ශනයකට රඟපාන්න වුණා.

ඒ අවස්ථාවේ දී කොයි තරම් අපහසුතාවයට පත්වුනත් කවදාවත් ලබලා නැති ඒ අත්දැකීම හිතේ හැටියට වින්දා කියලයි ශේෂාදීනම් කිව්වේ.

දෙමව්පියෝ එක්ක විනෝද ගමන් ගියත් ඒ වගේ විනෝදයක් කවදා ලැබෙයිද කියලා ශේෂාදිටත් හිතෙන්න ඇති.

කෙසේ වෙතත් මේ දිනවල “Lanka Faces Special Night” නම් නර්ථන තරගාවලියත් සමඟ තරමක කාර්යබහුලව ඉන්න ශේෂාදි එහිදී සිංහල හා හින්දි ගීතවලට නර්ථනයේ‍ යෙදෙනවා.

ඉදිරියේ දී තිරගත වීමට නියමිත “සෙනසුරු මාරුව” චිත්‍රපටයෙන් ද ශේෂාදිගේ රංගනයන් අපට දැකගැනීමේ අවස්ථාව උදා වෙයි.

ඒ අනුව පුංචි කිරිල්ලියක සේ රංගනයෙන් දස්කම් දක්වන ශේෂාදිගේ නර්ථන හැකියාව පිළිබඳ කතිකා කිරීමට ඉදිරියේ දී හැකි වනු ඇත.

http://youtu.be/G6PJVrbBiiU

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...