13.3 C
London
Friday, November 14, 2025
spot_img

ෂාරුක් සමඟ සිය උපන්දිනය සැමරූ ලංකාවේ ශිරාණි

සුපිරි බොලිවුඩ් නළු කිං ඛාන්ට ආදරය කරන රසිකරසිකාවියන් ලෝකය පුරාම විහිදි සිටින බව නොරහසකි. මේ අතර ෂාරුක් ට ආදරය කරන ශ්‍රී ලාංකික රසිකාවියක් ට සිය උපන්දිනය මේ සුපිරි නළුවා සමඟ එක්ව සැමරීමේ අතිශය දුලබ වාසනාව උදා වී ඇත.

“ද හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත“ වාර්තා කරන පරිදි මේ වාසනාවන්තිය 70 වන වියේ පසුවන ශිරාණි සමරසේකරයි. වසර 15 ක් තිසේසේ ෂාරුක්ගේ ළබැඳි රසිකාවියක වූ ශීරාණි ෂාරුක් රඟපාන චිත්‍රපට දෙතුන් වතාවක් නැරඹීමට පුරුදු වූ සිටි අයෙකි.

ෂාරුක් පිළිබඳව සිය මව තුළ ඇති කැමැත්ත, ආදරය අවබෝධ කරගෙන තිබෙන ඇගේ පුතු මවගේ 70 වන උපන් දිනයට කදිම තෑග්ගක් ලබාදීමට කටයුතු කර තිබේ. එනම් ඇයට ෂාරුක් සමග එක්ව උපන් දිනය සැමරීමට අවස්ථාව ලබාදීමටයි.

පසුගිය සතියේදී ශිරාණි ඉන්දියාවට ගොස් තිබෙන්නේ ෂාරුක්ව මුණ ගැසීමටය. ඉන්දියාවට ගිය ඇය ඔහුගේ නිවස අසල හෝටලයක ලැගුම් ගෙන තිබේ.

ඉන්දියාවට යාමට පෙර ෂාරුක්ව මුණ ගැසීමට අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කරගෙන සිටි ඇයට අවසානයේ ෂාරුක්ව මුණ ගැසීමට වාසනාව උදාවී ඇත. පැයක පමණ කාලයක් ඉතාමත් සුහදව දෙදෙනා කතා බහේ නිරත වී ඇති අතර කිං ඛාන් ඇගේ උපන්දියට සුභ පැතුම්ද එක්කර තිබේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ ෂාරුක් හා ශිරාණි සුහද පිළිසඳරේ යෙදී සිටින අවස්ථාවකි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles