ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් ප්‍රකාශයට පත්කර ඇති අලුත්ම ටෙස්ට් සහ එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර එක්දින ශ්‍රේණියේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. පසුගියදා නිමාව දුටු දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා වූ සංගක්කාර දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා සහ ඒ.බි. ඩිවිලියර්ස්ට පසුපසින් සිටියි.
සංගක්කාර මේ වනවිට 2013 වසරේ වැඩිම එක්දින ලකුණු ලැබූ පිතිකරුවන් අතරද පෙරමුණ ගෙන සිටින අතර ඔහු ටෙස්ට් ශ්‍රේණියේද 5 වැනි ස්ථානයේ පසුවෙයි. මුරලිදරන්ගෙන් පසු ලෝක පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට පැමිණි රංගන හේරත් ටෙස්ට් හා එක්දින ශ්‍රේණියේ පළමු 10 දෙනා අතර සිටීම කැපී පෙනෙන දක්ෂතාවයකි. රංගන මේ වනවිට ටෙස්ට් පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානයේ පසුවෙන අතර ඔහුට ඉදිරියෙන් දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් හා වර්නන් පිලැන්ඩර් පසුවෙති. රංගන ලෝක එක්දින ශ්‍රේණියේද 6 වැනි ස්ථානයේ පසුවෙන අතර ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා පළමුවරට එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්වී සිටියි. ශ්‍රී ලංකාවේ ටී.එම්. ඩිල්ෂාන් ලෝක එක්දින පිතිකරු ශ්‍රේණියේ 6 වැනි ස්ථානයේ පසුවෙන අතර එක්දින තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක ලැයිස්තුවේ 4 වැනි ස්ථානයේ සිටියි. මැතිව්ස්ට හිමිවී ඇත්තේ එහි 6 වැනි ස්ථානයයි.
Source:lakbima