සකර්බර්ක්ගේ සොයුරිය FaceBook හැර යයි, තවත් එවැනිම සමාගමක් හදයි

ෆේස් බුක් සම නිර්මාතෘ මාක්ස් සකර්බර්ක්ගේ සොයුරිය වන රුන්ඩි සකර්බර්ග් ෆේස් බුක් සමාගමෙන් ඉවත්ව තමාගේ අයිතිය ඇති තවත් එවැනිම සමාගමක් ගොඩනැඟීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

තම සෑම නිර්මාණයකම අනන්‍යතාවය සඳහන් විය යුතු බවද එසේ නොමැති වුවහොත් තමා ගැන යම් දිනක මිනිසුන්ගේ මතකයෙන් ගිලිහී යනු ඇති බවද ඇය මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත.

මේ පිලිබඳව අදහස් දක්වන ඇගේ සොයුරු මාර්ක් පවසන්නේ ඇගේ අවශ්‍යතාවය ඉටු කිරීමට තමන් ඉඩ හරින බවයි.

මෙම ඔක්තොම්බරයේ රුන්ඩි තම නව සමාගම හඳුන්වා දුන් බවද විදෙස් මාධ්‍ය තව දුරටත් සඳහන් කර ඇත.

ෆේස් බුක් හා ඒ හා සම්බන්ධ සමාජ ජාල වලින් තම කැමැත්තෙන්ම ඉවත්ව යාම තම ජීවිතයේ ගත දරුණුම තීරණයක් බවත් ඇය තව දුරටත් ප‍්‍රකාශ කර ඇත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...