සක්විතිට බහු විවාහ චෝදනා

මහා පරිමාණ මූල්‍යමය වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින අබේරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නොහොත් සක්විති රණසිංහ යන අයට විරුද්ධව බහු විවාහ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇති අතර නඩුව ඔක්තෝම්බර් 24 දිනට කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා (26) නියෝග කළේය. පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අංක 175/4, මාදිවෙල පාර, ඇඹුල්දෙණිය, නුගේගොඩ ලිපිනයේ පදිංචි සක්විති රණසිංහ නමැත්තා මේ වන විට එම මූල්‍ය වංචා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියි. නීතිපතිවරයා විසින් සක්විති රණසිංහට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ බහු විවාහ චෝදනා යටතේය. වර්ෂ 2004 මාර්තු 25 දින හෝ ඊට ආසන්න දිනකදී වැල්ම්පිටියේ දී 1998 මාර්තු මස 09 දින හෝ ඊට ආසන්න දිනකදී විවාහ සහතික අංක 4866 යටතේ නන්දික හේවා සුභාෂිණී ද සිල්වා ආරියරත්න යන තැනැත්තිය සමඟ විවාහ වී ඇත. එම තැනැත්තිය ජීවත්ව සිටියදී එම විවාහය අවලංගු නොකර විවාහ සහතික අංක 9425 යටතේ ජඹුරුතුගොඩ ගමගේ කුමාරි අනුරාදිනී නමැත්තිය සමඟ විවාහ වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 362 (ආ) වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතුය. තම නීත්‍යානුකූල භාර්යාව ජීවත්වන කාලය තුළදී නැවත විවාහයක් කර ගැනීමේ වරද යටතේ නඩු පවරා ඇත. අධිචෝදනා පත්‍රය කියවා භාරදුන් අතර ඇඟිලි සලකුණු ලබාගැනීමට හා නඩුව කැඳවීමට ඔක්තෝම්බර් 24 දිනට කල් තැබුණි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...