සනත්ගෙන් මහරජ අජාසත්ත October 15, 2012 Comments Off on සනත්ගෙන් මහරජ අජාසත්ත 6 Views මහින්දාගමනය සහ සිරි දළදාගමනය වැනි ඓතිහාසික කතා තේමාවන් පාදක කර ගනිමින් චිත්‍රපට නිෂ්පාදනය කරන සනත් අබේසේකරයන් තවත් එවැනිම වූ සිනමා සිතුවමක් නිර්මාණය කිරීමට අදහස් කරගෙන සිටිනවා.මෙවර ඔහු රිදී තිරයට ගෙන ඒමට සූදානම් වන්නේ අජාසත්ත කුමරුගේ කතා පුවත රැගත් චිත්‍රපටයක්. මහ රජ අජාසත්ත ලෙසට නම් කොට ඇති එය වින්සන්ස් ෆිල්ම්ස් වෙනුවෙන් රංජිත් කේ. පෙරේරා නිෂ්පාදනය කරන අතර එහි බිම්බිසාර රජුගේ චරිතය සඳහා ජීවන් කුමාරණතුංග ද ඛේමා දේවිය සඳහා සබීතා පෙරේරාද පණ පොවයි. අජාසත්ත කුමරු ගේ චරිතයට මේ වන විට අයකු තවමත් තෝරා නැති අතර අජාසත්ත කුමරුගේ දේවිය එනම් උදායි භද්‍රා කුමරියගේ චරිතය භාර දී අලුත්ම රංගන ශිල්පිනියක්ව රිදී තිරයට හඳුන්වා දීමට සනත් අපේක්ෂා කරයි. මහරජ අජාසත්ත සනත්ගේ තෙවැනි සිනමාපටයි. Share featured Latest slider 2012-10-15 ceylonradio Share Facebook Twitter Google + Pinterest