සනත් ගුණතිලක පැවිදි වෙයි

ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (22දා) හඟුරන්කෙත විමලරතන යන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

අගෝස්තු 22 වැනිදා පෙරවරු 7.22 ට යෙදුණු සුභ මොහොතින් පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමියන්ගේ උපාධ්‍යායවරුන් ලෙස කටයුතු කර ඇත්තේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක හා දක්ෂිණ පාර්ශ්වයේ උප සභාපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ප්‍රමුඛ එම සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක හා විනිශ්චය කාරක සභාවේ ‍ලේකම් ශාස්ත්‍රපති දෙදදියවල තිලකසිරි හා එම සංඝ සභාවේම කාරක සභාවේම කාරක සභික නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමිවරුන්ය.

මෙසේ පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමිපාණෝ සියලු වත් පිළිවෙත් පුරමින් සතියක කාලයක් තාවකාලික පැවිදි දිවියක් ගත කිරීමෙන් අනතුරුව අගෝස්තු 29දා බ්‍රහස්පතින්ද ධර්මානුකූලවම එම පැවිදි කාලය අවසන් කිරීමට නියමිතව සිටිති.

පැවිදි දිවියට ඇතුළත් වීමට පෙරාතුව සනත් ගුණතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ වත් පිළිවෙත් පුරන සැබෑ පැවිදි දිවියක වටිනාකම අවබෝධකර ගැනීම උදෙසාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත චිත්‍රපටයක පැවිදි චරිතයක යථා ස්වභාවය පිළිබඳව පූර්ව අත්දැකීම් ලබා ගැනීම උදෙසාත් මෙසේ පැවිදි දිවියට ඇතුළත් වන බවය.

– චන්දන කාරියවසම් / Rivira

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...