සනත් ජයසූරියට, මුතුහෙට්ටිගමට අද නියෝජ්‍ය ඇමතිකම් October 10, 2013 Comments Off on සනත් ජයසූරියට, මුතුහෙට්ටිගමට අද නියෝජ්‍ය ඇමතිකම් 4 Views නව නියෝජ්‍ය ඇමැතිවරු 21 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද (10දා* පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතය. ලෝකයේ වැඩිම ඇමති මණ්ඩලයක් නම් කර දැනටමත් ගීනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින ලංකාවේ එම වාර්තාව තවත් යාවත්කාල කරමින් නව නියෝජ්‍ය ඇමතිවරුන් පත්කරන්නට යන්නේ සුළු ජාතික පක්ෂ කිහිපයක් සමග ඇති කරගත් එක`ගතාවයන් සහ කාලයක් තිස්සේ තමන්ට නියෝජ්‍ය ඇමතිකමක් ඉල්ලමින් ඇප්ලිකේෂන් දැමූ කිහිපදෙනෙකු සතුටු කිරීමේ අදහසිනි. මේ අනුව 21 දෙනාගේ නම් තවම ප‍්‍රසිද්ධ කර නැතත් අපට වාර්තාවන ආකාරයට මේ නියෝජ්‍ය ඇමැතිධුර හිමිවන අය අතර නිශාන්ත මුතුහෙට්ටිගම, සනත් ජයසූරිය, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, හේමාල් ගුණසේකර, වික්ටර් ඇන්තනී, නිරන්ජන් වික‍්‍රමසිංහ, පී. දිගම්බරන්, ප‍්‍රභාගනේෂන්, ෙඡ්. ශ‍්‍රී රංගා යන මන්ත‍්‍රීවරුන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. පළාත් සභා ඇමැතිවරුන් ලෙස සිට ඉකුත් මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත‍්‍රීවරුන්, දිස්ත‍්‍රික්කවලින් වැඩිම මනාප ලැබූ සහ සන්ධානයේ කුඩා පක්ෂ කිහිපයක මන්ත‍්‍රීවරුන් පිරිසක් නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම්දීමට නියමිතය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් මන්ත‍්‍රීවරුන් 21 දෙනකු දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත. Share featured Latest pretty cool slider spotlight 2013-10-10 ceylonradio Share Facebook Twitter Google + Pinterest