19.4 C
London
Thursday, June 19, 2025
spot_img

සන්ගා සම්මාන 3ක් දිනයි

CEAT ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙ‍ලේදී සම්මාන 3 ක්ම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත් විය. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ ජනතා සම්මානය සහ වසරේ ටෙස්ට් පිතිකරු (Cricketer of the year, People’s player of the year and Best Test batsman) යන සම්මාන 3ම කුමාර් සන්ගක්කාර දිනා ගැනීම මෙම සම්මාන උළෙලේ සුවිශේෂී සිදුවීමක් විය.

වසරේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස රංගන හේරත්ද වසරේ එක්දින පිතිකරු ලෙස මහේල ජයවර්ධනද වසරේ එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංගද තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයා ලෙස ටී.එම්.ඩිල්ෂාන්ද සම්මානයට පාත්‍ර වුනා. වසරේ නැගී එන ක්‍රිඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන දිනා ගන්නා ලදී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles