සඳ දිනුවත් මරුවාට පරදියි

“සඳ ගමනට තෝරාගනු ලබන්නන්ගේ අයැදුම් පත් භාර ගැනීමේ දිනය පසුවී සතියක් ගතවී අවසානය. නමුත් මිතුරෙකු ඔහුගේ ඇයැදුම් පත හොර රහසේම වලංගු දිනට පෙරාතුව භාර දුන් ලෙස සකස් කරයි.”

මෙලෙස 1969 ජුලි මස 20 වනදා ඇපලෝ 2 යානයෙන් සඳ තරණය කරන්නට නීල් ආම්ස්ට්‍රෝන්ග් වරම් ලබයි. සඳ දිනුවත් මරුවාගෙන් ගැලවීමක් නැති බව පසක් කරමින් එතුමා ඊයේ(25) මෙලොවින් සමුගන්නා ලදී. මියයන විට 82 හැවිරිදි වියේ පසුවූ ඔහු කලක් පසුවුණේ රෝගාතුරවයි. මේ මස මුලදී හදවත් සැත්කමකටද මුහුණ දුන් ආම්ස්ට්‍රෝං මිය ගිය බව සනාථ කර ඇත්තේ ඔහුගේ පවුලේ ඥාතීන් විසිනි. ඔවුන් තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ “මීළඟට ඔබ රාත්‍රියේ එලියට යනවිට හොදින් සඳ පායා ඇත්නම් සඳ දෙස බලා ඔහුව සිහිකරන්න” යන ලෙසයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...