සමාජ ජාලයන් සයිබර් යුද්ධයේ උපකරණයක් June 11, 2013 Comments Off on සමාජ ජාලයන් සයිබර් යුද්ධයේ උපකරණයක් 4 Views සමාජ ජාලයන් ජනතා මතය වෙත බලපෑම් කරන උපකරණයක් ලෙස නැගී එන සයිබර් යුද්ධය විසින් යොදා ගැනීමේ අවදානමක් දැනටමත් දක්නට ඇතැයි රුසියානු උප අගමැති ද්මිත‍්‍රි රොගෝසින් පැවසීය. ඔහු මොස්කව්හි සිදුකළ දේශනයකදී පවසා ඇත්තේ එවැනි ජාලයන් තුළ ”ලයික් කිරීම්” ආදිය නිරීක්ෂණය කරමිින් පවතින පාලනයකට විරුද්ධ මතයක් දරන අයෙකු හඳුනාගත් පසු සාමාන්‍ය සාමාජිකයන්ට නොදැකිය හැකි ආකාරයට විශේෂ සාමාජික කොට්ඨාශයක් අතර රඳවමින් ඔහු වෙත සැලසුම් සහගතව විශේෂ තොරතුරු වැඩියෙන් ගලා එන තත්වයක් කෘත‍්‍රිමව නිර්මාණය කිරීම මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බවයි. එය යම් රාජ්‍යයක ස්වාධීන පැවැත්මට තර්ජනයක් බව දැක්වූ උප අගමැතිවරයා සමාජයීය ජාලයන් තුළ කටයුතු කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් නිර්මාණය කර ඇති බවත් එහි ප‍්‍රධානියා තමන්ට මුණ ගැසී ඇති බවත් අනාවරණය කර ඇත. ඇමරිකාව අවි රහිතව සිය අරමුණු මුදුන් පමුණුවා ගැනීමට දරන මේ වෑයම අනාගත මිලිටරිමය තර්ජනයක් විය හැකි අතර නේටෝ සංවිධානයේ මෙම සයිබර් යුධ ක‍්‍රියාදාමය රුසියාව සීරුවෙන් නිරීක්ෂණය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. Share featured Latest pretty cool slider 2013-06-11 ceylonradio Share Facebook Twitter Google + Pinterest