14.3 C
London
Sunday, December 7, 2025
spot_img

සමාන අංකවලට පුද්ගල හැඳුනුම් පත් 500ක් නිකුත් කරලා

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එකම අංකයෙන් යුතුව ජාතික හැඳුනුම්පත් ගණනාවක් නිකුත් කර ඇති අතර එවැනි හැඳුනුම්පත් ලැබී තිබෙන පුද්ගලයෝ ගැටලු රැසකට මුහුණපා සිටිති. විශේෂයෙන් බැංකු ගනුදෙනුවලදී ආරක්‍ෂක අංශවලට ඉදිරිපත් කිරීමේදී මෙන්ම වෙනත් රාජකාරි කටයුතුවලදී ඔවුන්ට මේ නිසා ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබේ. වාර්තාවන අන්දමට එක අංකයෙන් හැඳුනුම්පත් ලැබී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 500කට ආසන්නය.

ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ආර්.එම්.එස්. සරත් කුමාර මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා සඳහන් කෙළේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී පරිගණක භාවිත නොවන බැවින් යම් යම් අවස්ථාවලදී එවැනි ගැටලු මතුවිය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් තමන් කනගාටුවන බවද ඒ මහතා කීය.

එසේම එකම අංකයෙන් හැඳුනුම්පත් කිහිපයක් නිකුත්කර ඇති අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් 0112583122 සහ 0112585043 දුරකතන අංක ඔස්සේ හෝ 2593634 ෆැක්ස් අංකය ඔස්සේ හෝ තොරතුරු දන්වන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කරයි.

එහිදී නිවැරැදි අංකය යටතේ හැඳුනුම්පත ලැබී ඇති පුද්ගලයාට ඔහුගේ හැඳුනුම්පත නිවැරැදි බව තහවුරු කිරීමටත් වැරැදි අංකය යටතේ හැඳුනුම්පත ලැබී ඇති පුද්ගලයාට නිවැරැදි අංකයක් යටතේ හැඳුනුම්පත ලබාදීමටත් කටයුතු කරන්නේ යැයි ඒ මහතා කීය. තවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් පරිගණක ගත කිරීමට කටයුතු කරන බව පැවැසූ සරත් කුමාර මහතා ඉන්පසු මෙවැනි වැරැදීම් වළක්වා ගත හැකි බව කීය.

ටෙෂාරි නලින්දිකා කරනායක

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles