සරත් ෆොන්සේකා ‘ගිනි සිළුව ලකුණින්‘ ලියාපදිංචිය ඉල්ලයි
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ලිපි ගොනු සියල්ල එම පක්‍ෂයේ නියෝජිතයන් විසින් ඊයේ (12) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට භාරදෙන ලදී.
පක්‍ෂ නායක සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මැතිවණ කොමසාරිස්‌වරයා විසින් කැඳවා තිබූ සාකච්ඡාවට ඊයේ සහභාගි වූ අතර සාකච්ඡාව පැය එකහමාරක් පමණ පවත්වා තිබේ.
‘ගිනිසිළුව’ ලාංඡනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ලියාපදිංචියට ඔවුන් අවසර ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසූවේ පක්‍ෂ ලියාපදිංචිය සම්බන්ධයෙන් එම පක්‍ෂයේ නිලධාරීන්ගෙන් තොරතුරු විමසූ බවත් නිසි වේලාවට නිසි කාලයට තීන්දුව ප්‍රකාශ කරන බවත්ය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසන්නේ මැතිවරණ කොමසාරිස්‌වරයා ඉල්ලා සිටි සියලු විස්‌තර ලබාදුන් බවත් මේ පිළිබඳව මානව හිමිකම් කොමිසමේ පැවැති නඩුවෙන් තම පක්‍ෂය ජයගත් බවත් ඒ නිසා පක්‍ෂය ලියාපදිංචි නොකර සිටීමට හේතු නැති බවත්ය.
- Advertisement -