19.2 C
London
Monday, May 19, 2025
spot_img

සල්මාන් ඛාන්ට මිනීමැරුම් චෝදනාවක්‌

අබ්දුල් රෂිඩ් සලීම් සල්මාන් ඛාන් 47 හැවිරිදිය. ලෝකය මේ පුද්ගලයා හඳුනන්නේ සල්මන් ඛාන් ලෙසිනි. බොලිවුඩ් සිනමාවේ ප්‍රමුඛතම නළුවකු වන සල්මාන් මේ වන විට හින්දි චිත්‍රපට 90 ක පමණ රඟපා ඇත. සල්මාන් රඟපෑ ජනප්‍රිය චිත්‍රපට 08 ක ආදායම ඉන්දියානු රුපියල් කෝටි සියයද ඉක්‌මවා ඇත. මේ සුපිරි නළුවා රඟපෑ මුල්ම චිත්‍රපටය වන්නේ “බිවි හො තො අයිසි” නම් චිත්‍රපටයයි.

කවරක්‌ නමුත් දැන් මිනීමැරීමේ චෝදනා යටතේ සල්මාන් ඛාන්ට නඩු පවරා ඇත. 2002 වසරේ මුම්බායි නගරයේ පදික වේදිකාවේ නිදා සිටි පුද්ගලයන් යට කරමින් වාහනය පැදවීම මොහුට එරෙහිව ඇති චෝදනාවයි. එදින මොහුගේ අපරීක්‌ෂාකාරී ධාවනය නිසා එක්‌ පුද්ගලයෙකු මරුමුවට පත්වූ අතර තවත් තිදෙනක්‌ තුවාල ලැබූහ.

සල්මාන්ගේ කාර් රථයට ගොදුරු වූයේ මුම්බායේ ස්‌ථිර නිවාස නැති අසරණයන් පිරිසකි. මේ වරදට සල්මාන් ඛාන් වරදකරු වුවහොත් උපරිම වසර දහයක සිර දඬුවමක්‌ නියම කෙරෙනු ඇත.

වසර 25 ක්‌ පුරා හින්දි සිනමාව බබළවන මේ නළුවාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනාව නම් දරුණුය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles