සස්‌සඳ අඩංගු ඖෂධවලින් වකුගඩු රෝගය ඇති විය නොහැකියි
September 28, 2012
556 Views
සස්‌සඳ ප්‍රශ්නය උද්ගත වන්නේ කෙසේ ද?
උතුරු මැද පළාත් වකුගඩු රෝගයට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දූත කණ්‌ඩායම විසින් නිකුත් කරන ලද වාර්තාවක එක්‌තරා නිර්දේශයක මෙසේ සඳහන් ය. “මේ වන විට සස්‌සඳ අඩංගු ආයුර්වේදීය ඖෂධ වර්ග 66ක් ඇති නිසා සස්‌සඳ විශේෂවලින් වකුගඩුවලට ඇති විය හැකි විෂ තත්ත්වයන් පිළිබඳව ආයුර්වේද වෘත්තිකයින් සහ මහජනතාව ගේ දැනුවත්භාවය වැඩි දියුණු කළ යුතු ය.” (2012.02.13)
මේ නිර්දේශය එකී දූත කණ්‌ඩායමේ සොයාගැනීම් සම`ග සමපාත වන්නේ නම් සස්‌සඳ අඩංගු ආයුර්වේද හෝ දේශීය ඖෂධ සහ වකුගඩු රෝගය අතර යම් සම්බන්ධතාවක් ඇති බව නැවත සලකා බැලීමක් අවශ්‍ය බව ඒ හරහා අනියමින් ගම්‍ය වේ. උතුරුමැද පළාතේ වකුගඩු රෝගය පිළිබඳව කතා බහ ඇති වූ මුල් අවධියේ දී ම සස්‌සඳ (Aristolochia) විශේෂ ආහාර හෝ ඖෂධ සඳහා භාවිතය මීට හේතු විය හැකි යෑයි යම් කල්පිතයක් බටහිර වෛද්‍ය විශේෂඥයන් අතර යම් පමණකට ප්‍රචලිත වෙමින් තිබූ අතර එය තරමක් දුරට හෝ සනාථ කළ නො හැකි සැක සහිත කරුණු මත පමණක් පදනම් වූ අනුමානයක් විය. සමහර අයකු ඒ හරහා මේ වකුගඩු රෝගය සස්‌සඳ නිසා ඇති වූ බවට ලඝූ කොට ඒ සම්බන්ධයෙන් යම් ජාතික කතිකාවතක් නිර්මාණය කිරීම තුළින් සත්‍ය හේතු වසන් කිරීමේ අවිද්‍යාත්මක උත්සාහයක් දැරූ බව ද, පෙනිණි. එබඳු තත්ත්වයකට උඩගෙඩි දීමක් බඳු වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහත ප්‍රකාශය හදිසියේ මතු වීම, නැවතත් අනවශ්‍ය ලෙස සස්‌සඳ කෙරෙහි භීතියක් මවා පෑමටත් ආයුර්වේද ඖෂධවල ආරක්‌ෂිත බව ((safety) සම්බන්ධයෙන් සමාජය තුළ සැක සහිත මානසිකත්වයක් ඇති කිරීමටත් හේතු විය හැකි ය.
featured Latest slider 2012-09-28