‘ලයිකෝ ලයිව්’ නමැති ශරිරයට අහිතකර රසායනික ද්‍රව්‍යයක් අංකුර සහිත අර්තාපල් තුල තිබෙන නිසා එවැනි අර්තාපල් මිළඳී නොගන්නා ලෙස කොළඹ නගර සභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි. එවැනි අර්තාපල් පරිභෝජනයෙදී දිගින් දිගටම එම විෂ ශරිරයට අන්තර්ග්‍රහණය වුවහොත් ස්නායු පද්ධතියට හානි සිදුවිය හැකි බවද හෙතෙම අවධාරණය කර සිටි. කොල පැහැති අර්තාපල් හා අංකුර සහිත අර්තාපල් තොග වෙළඳසැල් වල අලෙවි කෙරෙමින් පවතින බවට ලැබුණු මහජන පැමිණිලි වලට අනුව එම ස්ථාන වැටලීම සම්බන්ධයෙන් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා පැවසීය.
