16.3 C
London
Thursday, June 19, 2025
spot_img

ස්පර්ශ කාච පලඳින්නන් පරෙස්සමෙන්, ඇස කණ කරන ඇමීබාවෙක්!

අපිරිසුදු ස්පර්ශ කාච (Contact lens) සමඟ ඇසට ඇතුළු වී ඇස් අන්ධ වන තුරු එය විනාශ කර දමන ඇමීබා වර්ගයක් පිළිබඳව වෙස්ට් ස්කොට්ලන්ඩ් හි පර්යේෂකයන් පිරිසක් අනතුරු අඟවති. අක්ෂි ස්පර්ශ කාච සමඟ ඇසට ඇතුළු වන මෙම Acomthamoeba නම් පරපෝෂිතයා දූවිලි, නාන තටාක මුහුදු ජලය ආදියේ වැඩෙන අතර ස්පර්ශ කාච භාවිතා කරන දසලක්ෂ ගණනක් ජනතාවට අවදානමක් ඇති කර තිබේ.

මේ අවදානම තනි ඇසක් සඳහා කාච පලඳින්නන්ට පවා ඇති විය හැකි බවට ඔවුහු අනතුරු අඟවති. ඒක සෛලික ඇමීබාවන් අපිරිසිදු කාච සමඟ ඇසට ඇතුළු වී අක්ෂි පටලවල ඇමීබා ගහණ ඇතිකරමින් එම ස්ථර විනාශ කරන බව සොයාගෙන ඇත.

මෙහි රෝග ලක්ෂණ ලෙස ඇස කැසීම, ඇසෙහි තෙත ගතිය දෘෂ්ටිය බොඳවීම, ආලෝකයට සංවේදී වීම, උඩුපිල්ලමේ දැඩි කැසීමක් ඇතිවීම හා අධික වේදනාව දක්වා ඇත. මෙය දැඩිව ඇති වීමෙන් ඇස අන්ධවීමේ අවදානම ද ඇතිවන බව පර්යේෂකයන්ගේ මතයයි.

මෙයින් වැළකීමට නම් දිනපතා නිසි වෛද්‍ය උපදෙස් පරිදි කාච පිරිසිදු කර පැලඳීම, පිහිනීමේදී කාච නොපැලඳීම, යම් හෙයකින් ස්නානයේ දී කාච පැලඳ සිටී නම් ඇස් තදින් පියාගෙන ස්නානය කිරීම ආදිය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද ඔවුහු පවසති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles