සාර්ස් වලටත් වඩා මාරක වෛරසයක් March 29, 2013 Comments Off on සාර්ස් වලටත් වඩා මාරක වෛරසයක් 17 Views දැනට 11 දෙනෙක් මිය යාමට හේතු වූ නව කොරෝනා වෛරසය සාර්ස් වලටත් වඩා භයානක බව චීන විද්‍යාඥයෝ කියති. මැදපෙරදිගින් ආරම්භ වුනු මෙම වෛරසය අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි කරන අතර සාර්ස් වලට වඩා ඉක්මනින් ෙසෙල මරා දමයි. 2002-2003 වසර වල චීනයෙන් ඇරඹුනු සාර්ස් වෛරසය පුද්ගලයන් 8000 කට පමණ වැලඳුන අතර 800 ක් පමණ මියගොස් ඇත. සාර්ස් වෛරසය සත්ව ෙසෙල කිහිපයට පමණක් ආසාදනය වුවද මෙය ඊටවඩා බරපතල බව නව වෛරසය ගැන පර්යේෂණ කරන හොංකොං විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ යුවාන් කොක් යුං දකුණු චීනයේ මෝනිං පෝස්ට් වෙත කියා සිටියේය. වවුලන් තුල හටගත් බවට සැක කෙරෙන මෙය සතුන් රැසකටම වැලඳීමේ හැකියාව ඇත. මේ නිසා මිනිසාට ආසාදනය වීමේ මූලාශ‍්‍ර හඳුනා ගැනීම අපහසු බව පර්යේෂකයා කියයි. නව කොරෝනා වෛරසය අක්මාව වකුගඩු ආදී ඉන්ද්‍රියන් ගණනාවකටම හානිකරන නිසා සාර්ස් හි 11% ක මරණ හැකියාවට සාපේක්ෂව මෙහි 50% ක මරණ හැකියාවක් ඇත. මෙම වෛරසය වෙනස් වන්නක් නම් එය මාරක වසංගතයක් බවට පත්වීමට ඉඩ ඇති බව යුං කියා සිටියේය. මෙය තදින් බෝවන බව දැනට නොපෙනුනද වෛරසය වෙනස් වන විට එම තත්වය වෙනස් විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඟරුවාදා මෙම රෝගයෙන් තවත් දෙදෙනෙක් මියගිය බව නිවේදනය තර ඇත. සවුදියේ හා කටාර් රාජ්‍යයේ ගිය වසරේ සොයාගත් මෙම රෝගයේ ලක්ෂණ වූයේ ශ්වසානාබාධ හා වකුගඩු අක‍්‍රිය වීමයි. බෝවීම අඩු වුවත් ශරීර ගත වු පසු වේගයෙන් වර්ධනය වීමේ හැකියාවක් මෙම වෛරසයට ඇත. Share featured Latest slider 2013-03-29 ceylonradio Share Facebook Twitter Google + Pinterest