13.5 C
London
Friday, April 25, 2025
spot_img

සැනසිල්ල උදාවුණේ බුදු දහමින් පමණයි – බිල් ක්ලින්ටන්

මස් මාංශ කෑමෙන් වැලකී ආහාර පාලනය කරන තමා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ උපදෙස් මත භාවනානුයෝගීව කල්ගත කරන බවත් එමඟින් තමන්ට කායික මෙන්ම මානසික සැනසිල්ල උදාකර ගැනීමට හැකි වූ බවත් ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

65 හැවිරිදි ක්ලින්ටන් මීට වසර කිහිපයකට ඉහත දී හෘද රෝගවලින් පීඩා විඳ සැත්කම් කිහිපයකට භාජනය වීමෙන් අනතුරුව මෙසේ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරයි.

ක‍්‍රියාශීළී නිරෝගීමත් පෙනුමකින් යුතු කිලින්ටන් මහතා තමාගේ නිරෝගී බවේ රහස බුදුදහම බව පවසන්නේ සැබවින්ම නිර්මල බුදු දහමේ සැනසුම් මාර්ගයේ ඔහු ගමන් කරන බැවිනි.

දෙවරක්ම ඇමරිකානු ජනාධිපති ධුරය දැරූ ක්ලින්ටන් මේ වන විට සරල ජීවන රටාවකට අවතීර්ණ වී සිටින බවත් වැඩි වශයෙන් පළතුරු සහ එළවළු ආහාරයට ගන්නා බවත් වැඩි දුරටත් පවසා ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles