13.8 C
London
Wednesday, April 30, 2025
spot_img

සැප්තැම්බර් 1 වනදා සිට බස් ගාස්තු වැඩි වේ

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප‍්‍රමුඛ බස් සංගම් විසින් 10% ක ගාස්තු වැඩිවීමක් සිදු කිරීමට තීරණය තිබෙන බව වාර්තා වේ. ජාතික බස් ගාස්තු ප‍්‍රතිපත්තියට අනුව මේ වසරේදී සිදු කළ යුතු බස් ගාස්තුව මෙතෙක් සංශෝධනය කිරීමට නියාමන ආයතන කටයුතු නොකිරීම නිසා මෙම තීරණය ගෙන ඇතැයිද සඳහන්ය.

මේ මස 27වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිත මෙම ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුවද රුපියලකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

බස් සංගම් මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ ජාතික ප‍්‍රතිපත්තියට අනුව මේ වසරේ පෙබරවාරි මාසයේදී හෝ ජූලි මස 01 වැනිදා සිදුකළ යුතු ගාස්තු සංශෝධනය සිදු කිරීමට නියාමන ආයතන කටයුතු නොකිරීම නිසා ජාතික ප‍්‍රතිපත්තිය අවලංගු වී ඇති බව සදහන් කරමිනි.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කළේ, නියමිත කාලවලදී ගාස්තු සංශෝධනය කිරීමට නියාමන ආයතන කටයුතු නොකිරීම නිසා බස් කර්මාන්ත දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවයි. මේ නිසා බස් සංගමයක් වශයෙන් බස් කර්මාන්තය රැකගැනීම සදහා ගාස්තු සංශෝධනය සිදු කිරීමට තම සංගමය තීරණය කළ බවත්ය. අද දිනයේදී තම සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වන බවත්, එහිදී නව ගාස්තු සංශෝධනය පිළිබද අවසන් තීන්දුව ගෙන එය අද (12) දවසේදී ජනතාවට දැනුම් මට කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.

මේ පිළිබදව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියංජිත් මහතා සදහන් කළේ බස් කර්මාන්තය රැක ගැනීමට නම් 10% ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවය.

මේ නිසා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යම් ගාස්තු සංශෝධනයක් සිදු කරනවා නම් ඒ සදහා සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles