හම්බන්තොට – කටුවන කැළෑ ප‍්‍රදේශයක ගල් ලෙනක රැදී සිටි බාල වයස්කාර යුවළක් අද (10) අලූයම පොලීසිය විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් තරුණිගේ වයස අවුරුදු 15ක් වන අතර, තරුණයාගේ වයස අවුරුදු 17ක් වන බව වාර්තා වෙයි.
මොවුන් දෙදෙනා දින 5ක් තිස්සේ මෙම ගල් ගුහාවේ රැදී සිට ඇති බව පොලීසිය සදහන් කරයි.
තරුණයාගේ පියා විසින් මෙම බාල වයස්කාර යුවළට අවශ්‍ය ආහාරපාන ඇතුළු පහසුකම් සලසා දී ඇති බව වාර්තා වෙයි. අදාළ තරුණියගේ පියා විසින් කටුවන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අද අලූයම ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.