හුණුගලාගල ගුහාවේ ඇඹරුම් ගලුත් තිබිලා
ශ්‍රී ලංකාවේ දඩයම් යුගයේ මිනිසා වසර හාරදහසකට පන්දහසකට පමණ පෙර කෘෂිකර්මයට පරිවර්තනය විම පෙන්වන මැටි වළං නිෂ්පාදනයේ වැදගත් සාක්කියක් හල්දුම්මුල්ල වෑඑළියේ වල්මීතලාවේ හුණුගලාගල ගුහාවේ කැණිම්වලින් සොයා ගත් බව කැළණි විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය රාජ් සෝමදේව කියයි.
උස් කඳුකරයෙන් මෙවැනි සාක්කි ලැබුණු මුල් වතාව මෙය බවද ඔහු පවසයි.
ධාන්‍ය අඹරා ගැනීමට යොදා ගත් ගල් හා අත්ගල්ද ගිනි දැල්වීමට භාවිතාකළ සිදුරු සහිත ගල්ද එම ගුහාවෙන් සොයාගත් බව මහාචාර්යවරයා පවසයි.
‘සොයා ගත් වළං කැබළි ඉතාම රළුයි. තාක්ෂණයත් ප්‍රාථමිකයි.එම වළං තැනීමට භාවිතා කළ මෙවලම්ද ගුහාවේ තිබුණා.‘ හුණුගලාගලගල ගුහාවේ පැරණි බැම්මක් කැණිමේදී සොයාගත් සාධක අනුව එදා දඩයක්කරුවන් සංවිධානාත්මකව කටයුතු කළ බවද පෙනේ යැයි ඔහු සඳහන් කරයි.
කාල නිර්ණය සඳහා නියැදි එතෙර විද්‍යාගාරයකට යැවිමටද නියමිතය.
Source :Lankadeepa.lk