Wednesday , 22 January 2025

සියළු ගුවන් විදුලි නාළිකාවන්ට එකම සංඛ්‍යාතයක්

දැනට රට තුල ඇති ගුවන් විදුලි නාළිකා රට වටා විකාශණය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවෙන් එක් නාළිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.මීට හේතුව වී ඇත්තේ මෙරට පවතින ගුවන් විදුලි නාළිකා 43 ඇතැම් පළාත්වලට වෙන වෙනම සංඛ්‍යාත භාවිතා කර ක‍්‍රියාත්ම වීමයි. මේ හේතුවෙන් එකම නාලිකාවක් හෝ හරියාකාරව ශ‍්‍රවණය කිරීමට නොලැබෙන බවට ශ‍්‍රාවකයන්ගෙන් චෝදනා එල්ල වී තිබේ. මෙම නව වැඩපිළිවෙල සඳහා මෙරට ගුවන් විදුලි නාලිකාවලින් 90%ක් කැමැත්ත පල කර ඇති බැවින් ලබන නොවැම්බර්මාසයේ මුල සිට මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන බවද ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති අනූෂ පැල්පිට මහතා සඳහන් කරයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...