11.3 C
London
Saturday, May 17, 2025
spot_img

සිරිසමන්තබද්‍ර හිමියන් ගාල්ලේ සිරිවර්ධන ගැන කියන කතා

මෛත්‍රී බුදුන් බව පවසමින් බණ දේශනා කල ගාල්ලේ සිරිවර්ධනට පසුගියදා මහජන විරෝධයක් ඇතිවූ අතර උන්හිටි තැන පවා අහිමිවිය. සකෘදාගාමි වූ බව කියන සිරිසමන්තබද්‍ර හිමි බුදු දහම විකෘති කරන බව පවසමින් පොද්දල ප්‍රදේශයෙන් විරෝධයක් එල්ලවිය.

ගාල්ලේ සිරිවර්ධන හා සිරිසමන්තබද්‍ර හිමියන් තම දහමේ මුලික කොට ගත්තේ මෛත්‍රී බෝධි සංකල්පයයි. ගාල්ලේ සිරිවර්ධන මෛත්‍රී බුදුන් ලෙස පෙනී සිටීම පිලිබඳ සිරිසම්නතබද්‍ර හිමියන් පුවත්පතකට පවසා තිබුනේ මෙවැන්නක්.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේ තමයි මෑතකාලීනව මෛත්‍රී බෝසත් සංකල්පය කරලියට අරගෙන, මෛත්‍රී බෝසත් පුජාව පවත්වමින්, පෙරහැර සංවිධානය කරමින් කටයුතු කරන්නේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකුණු පළාතේ ඉපදිලා ඉන්නවා කියල රාවයක් තියෙනවා නේද?

මෛත්‍රී බෝධිසත්වයෝ බුදුවෙන්න තව කල් තියෙනවා. දීඝ නිකායේ තියෙනවා, බුදුකෙනෙක් අනාගතයේ පහළවෙනවයි කියල.

හැබැයි මතක තබා ගතයුතුයි තවම නම් ඒ බුදුහාමුදුරුවෝ ඉපදිලාවත්, බුදුවෙලවත් නෑ. මොකද අද කව්රුහරි බුදුවෙලයි කියල කිව්වොත් ගල් ගහල මරල දායි.

යම් කාලයක මේ මිනිසුන්ගේ දුර්දාන්ත ගති නැතිවෙලා, තවත් කෙනෙක් කියල වචන අහන්න පුළුවන් වෙලා, මම බුදුකෙනේක්ය කියල කිව්වහම පිළිගැනීම හෝ නොපිළිගැනීම අවිආයුධ නැතිව, සාකච්චාවකින්, සම්මන්ත්‍රණය කරන්න පුළුවන් තැනට මානව සංස්ථාව පත්වුනහමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ වැඩම කරන්නේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles