සිරුරට ගිනිතබා ගත් ගිනි නමට අසාද්‍යයි.බේරා ගනීමට කිසිවෙකු සිටියේ නොමැත May 25, 2013 Comments Off on සිරුරට ගිනිතබා ගත් ගිනි නමට අසාද්‍යයි.බේරා ගනීමට කිසිවෙකු සිටියේ නොමැත 5 Views සිරුරට ගිනිතබා ගැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ භික්ෂූන් වහන්සේගේ තත්ත්වය අසාධ්‍ය බව වාර්තා වේ. මේවන විට භික්ෂුන් වහන්සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අද (25) උදෑසන කළ විමසීමකදී එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය. ඊයේ දහවල් සිරුරට ගිනි තබා ගැනීම හේතුවෙන් මහනුවර මහ රෝහලට ඇතුළත් කළ හිමිනම ගුවන් මගින් ජාතික රෝහලට රැගෙන එන ලදී. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මහනුවර ශ්‍රී සුගත පුරාණ විහාරයේ වැඩ විසු පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ය. ගව ඝාතනය වැළැක්වීම, බෞද්ධයින් අන්‍යාගමිකකරණය වැළැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉටුකරන ලෙස පෙර දැනුම්දීමෙන් පසු අදාළ හිමිනම ගිනි තබා ගන්නා දර්ශන ඇතැම් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි. සිරුරට ගිනි තබා ගැනීමට පෙර එම හිමිනම ඒ පිළිබඳ අදාළ මාධ්‍ය වෙත දැනුම් දී ඇති අතර ඔවුන් ඒ අනුව සිද්ධිය රූපගත කර තිබුණි. වෙසක් පුන් පොහෝ දින ශ්‍රී දළදා වහන්සේ අභියස සිදුවූ මෙවැනි ඛේදජනක සිද්ධියක් සිදුවීමට ඉඩක් නොදී එය වළක්වා ගැනීමට රැස්ව සිටි පිරිසට නොහැකි වීම සම්බන්ධයෙන් විවිධ මත පළ වේ. මේ අතර එම හිමිනමට පෙට්‍ර්ල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර පොලීසිය පැවසීය. මෙම සිද්දිය සම්බන්දයෙන් අදහස් දැක්වූ චරිත හේරත් මාධ්‍ය සදාචාරය සම්බන්ධයෙන් සියලු මාධ්‍ය අතර එකඟතාවක් ඇති කර ගත යුතු බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා පවසයි. ඇතැම් සිදුවීම් වාර්තා කිරීමට පෙර එය වළක්වා ගැනීම සදහා ජනමාධ්‍යවේදීන් ද පියවර ගත යුතු බව ඔහු පෙන්වාදෙයි. භික්ෂූන්වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගනිමින් සිය දිවිනසා ගැනීමට දැරූ උත්සාහය පිළිබද ඇතැම් මාධ්‍ය වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චරිත හේරත් මහතා මේ බව පැවසීය. Share featured Latest slider 2013-05-25 ceylonradio Share Facebook Twitter Google + Pinterest