12.6 C
London
Thursday, May 15, 2025
spot_img

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (25 වැනිදා) එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය.
අද පස්වරු 2.30 ට කී‍්‍රඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරු සිවුවැනි දිනයේ තරගය පැවැත්විය නොහැකි යයි පස්වරු 3.00 ට නිවේදනය කළහ. තරගයේ අවසන් දිනය වන හෙට (26 වැනිදා) පෙරවරු 9.45 ට තරගය ආරම්භ කෙරෙන අතර අවම වශයෙන් ඕවර 98 ක් යැවිය යුතුය.

සෝබර්ස් – තිසේරා කුසලාන ටෙස්ට් තරගවලියේ දෙවැනි තරගය වන මෙම තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (සෙනසුරාදා) පස්වරු 2.30 ට පමණ වර්ෂාව ඇද හැළීම ආරම්භ වූ හෙයින් පස්වරු 3.30 ට තරගය අතහැර දමන ලදි. ඒ වන විට මෙම තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 244 ක ඉලක්කයක් කරා යමින් සිටි කොදෙව්වෝ කඩුල්ලක් දැවී ලකුණු 20 ක් ලබා සිටියහ.
කොදෙව්වන්ගේ පළමු කඩුල්ල ලකුණු 20 දී බිම දැමීමට ධම්මික ප‍්‍රසාද් සමත් වීමත් සමගම ඇද හැළෙන්නටවූ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන ලදි.

ජයග‍්‍රහණය සඳහා කොදෙව් පිල තවත් ලකුණු 224 ක් ලබාගත යුතු වන නමුත් ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ කඩුලූ 9 ක් පමණි. කොදෙව් පිලේ ඉතිරි කඩුලූ 9 දවාගැනීම සඳහා ශී‍්‍ර ලංකා පිලට ඉතිරිව ඇත්තේ ඕවර 98 ක් පමණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles