සීගිරියේ බඹර ප්‍රහාරයෙන් 10කට බරපතලයි

ඊයේ (05 වැනිදා) පස්‌වරුවේ සීගිරිය නැරඹීමට  ගිය දෙස් විදෙස් සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ. සීගිරිය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරි ඩි.එම්.ඩි.බි.  බණ්ඩාර මහතා සඳහන් කළේ,  ඉන් තුවාල ලැබූවන්  38 දෙනෙකු ‍රෝහල්ගත කර ඇති බවයි.

ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද ඔහු පැවසීය. තුවාලකරුවන් අතර කාන්තාවන් නව දෙනෙකු හා ළමුන් 8 දෙනෙකු ද වේ. ඒ අතර විදේශ සංචාරකයන් දෙනෙක්ද වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. ඔවුන් මැලේසියා සහ බි‍්‍රතාන්‍ය ජාතිකයන් බවට හදුනාගෙන ඇත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...