13.5 C
London
Friday, April 25, 2025
spot_img

සීගිරි චිත්‍ර වල උපත සොයන්න උපකරණයක්

සීගිරි චිත්‍ර වල ඉතිහාසය සෙවීමට නවීණ කිරණ උපකරණයක් විදේශයකින් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ‍්‍රී ලංකා පරමාණු බලශක්ති ආයතනය පවසයි.

අතේ ගෙන යා හැකි මෙම උපකරණය මඟින් සීගිරි චිත‍්‍රවල ඉතිහාසය, චිත්‍ර වල යොදා ඇති වර්ණක හා තීන්ත ආලේපන කර ඇති වාර ගණන ආදී වැදගත තොරතුරු අනාවරණය කරගත හැකි වෙතැයි විශ්වාස කෙරේ.

මේ අතර පුරාවස්තුවල කාල නිර්ණය කිරීම සඳහා වෙනම පර්යේෂණාගාරයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවද අධිකාරිය කියා සිටී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles