12.6 C
London
Thursday, May 15, 2025
spot_img

සීනි ඇමතිට- පැන්න නං පැනපු විදිහට හිටපං බං -අනුර කුමාර පාර්ලිමේන්තුවේදී..

ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර විපක්ෂ මන්ත‍්‍රී අනුර කුමාරගේ කථාවට බාධා කරමින් සීනි ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න ආණ්ඩු පක්ෂ පැත්තේ සිට විටින් විට කෑකෝ ගැසුවා.
මෙම බාධාවන් නිසා කෝපයට පත් මන්ත‍්‍රී අනුර කුමාර සීනි ඇමතිට බැණ වැදුනේ පස්සෙන් ගිහින් ඇමතිකං ගත්ත කෙනෙකු ලෙස ඔහු හඳුන්වා දෙමිනි. පැන්න නං පැනපු විදිහට ඉන්න යයිද ඔහු කියා සිටියා.
අනුර කුමාරගේ බැණවැදීම නිසා සීනි ඇමති කරබාගෙන නිහඬ වූ අතර එම සිද්ධිය සභාවට සිනහවක් එක්කළා.

‘මොකක්ද අර සීනි ඇමතිතුමාට වෙලා තියෙන්නෙ..ද`ගලනව මොකද දැන් මේ..ආහ්..

මේ ඔබතුමාට මතකද අර සියයට දහයයි කියල බෝඞ් එකක් අල්ලං හිටියා මේ පැත්තට වෙලා. දැන් මොකක්ද මේ.. දැන් පිටිපස්සට ගහගත්තද ඒක..වාඩිවෙලා ඉන්නකො කරුණාකරලා.
මේ තනතුරු තානාන්තර වලට පැන්නනං පැනපු විදියට ඉන්නකො අප්පා. මේ මහින්දානන්දලා රෝහිතල නම් පාරෙ ගිහින් ආණ්ඩු වට්ටල ඇමතිකං ගත්තෙ. මේ මොනව ගිහිල්ලද..මේ පස්සෙ ගිහිල්ලා..ලැජ්ජයි..ලැජ්ජයි..
පස්සෙ ගිහිල්ල තනතුරු ගත්තනං ඒ විදියට ඉන්නකො මහත්තයො..
ඇෙ`ග් තරමට මොළෙත් නෑ..
මේ මට කේන්ති යනව නෙමෙයි..මේ මෙතුමාල මොනව කිව්වත් අප්පා අහන් ඉන්න පුළුවන්නේ.. නැද්ද හා..අපි එකට පාරෙ ගියපු කට්ටියනේ. ඒත් මේ ගොල්ලො මොක්කුද මේ..’

සිදුවීමේ වීඩියෝව පහතින්

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles