සීයාගේ කුඹුරේ වැඩ කළ මධුරංග අරනගංවිල සුනාමියට බිලි

අරනගංවිල යාය 7ප්‍රදේශයේ ගොයම් මැඩීමට යොදා ගන්නා “සුනාමි”වර්ගයේ යන්ත්‍රයකට හසුවී මධුරංග ඩිල්ශාන් (14)නැමති දරුවා මියගොස් තිබේ.තම සීයාගේ කුඹුරේ වැඩට ගොස් සිටි ඔහු සුනාමි යන්ත්‍රයට ගොයම් දමන විට අත එහි සිරවී තිබෙන අතර ඉන් බේරීමට වෙහෙසෙන විට සිරුර යන්ත්‍රය තුලට ගොස් තිබේ.ඔහුගේ මව සහ පියාත් ගොවිතැනින් දිවි ගෙවන අතර ඔහුට බාල සොයුරන් තිදෙනෙක්ද සිටි.මරණය පිළිබදව අරනගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...