Thursday , 12 September 2024

සුද්දන් අතර සිටින හොර සුද්දා

අප රටට නොයෙක් රටවලින් වසරකට ඉතා විශාල ප්‍රමාණයෙන් සංචාරකයන් පැමිනේ.මේ සංචාරකයන්  අතර හොර මැරකම් වලට සම්භන්ද වූ මිනිසුන් පවා පැමිනේ.

මෙරට සංචාරයකට පැමිණි බි‍්‍රතාන්‍ය ජාතිකයකු කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගෙන මුදල් නොගෙවා පිට වී ගියේ යැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කරමින් කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අධිකරණයේ දී ප‍්‍රකාශ කළේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්ට අවශ්‍ය ආකාරයට අධිකරණයේ වැඩ නොකරන බවත්, අධිකරණයේ නීති ක‍්‍රියා පටිපාටිවලට මෙරට අධිකරණවල කටයුතු සිදුවිය යුතු බවත් ය.

මහේස්ත‍්‍රාත්වරයා මෙලෙස ප‍්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර බි‍්‍රතාන්‍යය ජාතිකයාගේ ගුවන් බලපත‍්‍රය නිදහස් කර දෙන ලෙසට බි‍්‍රතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලයෙන් ලිපියක් එවා ඇතැයි කොටුව පොලිසිය විසින් අධිකරණයට ප‍්‍රකාශ කළ අවස්ථාවේදීය.

මෙම සිද්ධියට අදාළ සැකකරු බි‍්‍රතාන්‍ය ජාතික ‘ඇලන් ජෝයි කැෆේයි’ නමැත්තෙක් වන අතර අදාළ හෝටලයේ කළමනාකරු විසින් කොටුව පොලිසියට කළ පැමිණිල්ලක් මත ඉකුත් දා කොටුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

සැකකරු ඉකුත් අපේ‍්‍රල් මස 04 වැනිදා මෙරටට පැමිණ කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයක නවාතැන්ගෙන තිබුණු බවත්, ඊට අදාළ ගාස්තුව රුපියල් දහහත් දාහකට අධික මුදලක් බවත් පැමිණිල්ලේ සඳහන් විය.

සැකකරු විසින් අදාළ මුදල නොගෙවා පිළිගැනීමේ කවුන්ටරයේ තැබූ ගුවන්ගමන් බලපත‍්‍රය ද නොගෙන අපේ‍්‍රල් 05 වැනිදා පිටවී ගොස් තිබුණ බවද වැඩිදුරටත් සඳහන් කොට තිබිණි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...