19.2 C
London
Monday, May 19, 2025
spot_img

සුදුවත හැඳි කතක් කැකනදුර කළඹවයි

මාතර, කැකණදුර, බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙහි මෑතක සිට රාත්‍රී කාලයේදි අභිරහස් කාන්තාවක් සැරිසැරීම නිසා ජනතාව කුතුහලයට පත් වී සිටිති. මෙම අත්භූත කාන්තාව රාත්රීය කාලයේදී පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් දැක ඇති බවට ප්ර චාරය වීම නිසා රාත්රීය කාලයේදී එම මාර්ගයේ බොහෝ දෙනෙකු ගමන් නොකරන තත්වයක් ද උද්ගතව ඇත. මෙවැනි ප්රහචාරයක් මෙම ප්‍රදේශය තුළ පැතිරීම සම්බන්ධ‍ව මෙම සිද්ධිය සිදුවූ ස්ථානය අවට පදිංචි කරුවන් මෙසේ අදහස් දැක්වූහ. කැකණදුර , බණ්ඩාරනායකපුර පදිංචි සමෘද්ධි බැංකුවක සේවය කරන අරුණ කුමාර මහතා “කැකනදුර හංදියට ආසන්නව බණ්ඩාරනායකපුර ඩී – හතර බෙදුම් ඇල හන්දිය අසල දී පසුගිය දිනවල රාත්රී් කාලයේදී කිසියම් අද්භූත කාන්තාවක් සැරිසැරූ බවට ගම්වාසීන් අතර කිසියම් ප්‍රචාරයක් යමින් පවතිනවා. නමුත් මම‍ මේ හන්දිය අසලමයි පදිංචිව සිටින්නේ. රාත්‍රී 12 ට 1ට මළ ගෙවල්වල ගිහිල්ලත් මම තනියම මෙතැනින් යනව. එහෙම දෙයක් මම නම් දැක්කේ නැහැ.” මාතර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී විමල් ප්‍රියජනක මහතා “මෙම ස්ථානය අසල මා පදිංචිව සිටිනවා. පාරේ යන කොට කීප දෙනෙකුට සුදු හැඳගත් කාන්තාවක් මූණ ගැසී තිබෙනවාලු. ඒ කාන්තාව කතා බස් කොට සුළු වෙලාවකදී අතුරුදන් වෙනවලු. මේ පිළිබඳව ගම්වාසීන් බියට පත් වෙලා. මම මේ තත්වය නිසා එම ස්ථානයට සභාව මගින් වීදි පහනක්ද සවි කළා. අපි ගමේ අය මේ පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා. කාගෙවත් කඩාකප්පල් වැඩක්ද කියලත් සැක සහිතයි. මෙම ඇල අසලට කාලයක සිට පිදේනි තටු ගෙනැවිත් දමන්නට බොහෝ දෙනා පුරුදු වෙලා. නමුත් මෙවැනි කතාවක් ඇතිවී තිබෙන්නේ මෑත කාලයේදියි. පොලිසියෙන් ඇවිත් මේ ගැන සොයා බැලුවත් කිසිවක් දැන ගන්න ලැබුණේ නැහැ.” මේ අතර මෙම ගමේ වැසියන් පවසන සිද්ධි අතරින් කිහිපයක් ලෙස මෙම අභිරහස් කාන්තාව සැරිසරන  ස්ථානය අසල දී මෙයට වසර හයකට පමණ පෙර අවුරුදු දහනමයක කාන්තාවක් බසයකින් බැසීමට ගොස් ඇද වැටී මරණයට පත්ව ඇත. තවද මෙම සිද්ධිය සිදුවූ ස්ථානයට ආසන්න නිවසක සිටි අවුරුදු විසි තුනක තරුණයෙකු හිටිහැටියේ සිහි නොමැතිව ගොස් මෙයට මාසයකට පමණ පෙර මරණයට පත්ව ඇත. මෙම ස්ථානය අසලදී පසුගිය දිනවල ත්‍රීරෝද රථ, යතුරුපැදි ආදිය ඇලට වැටී ඇති බව ගමේ අය පවසයි. නමුත් ඒ පිළිබඳව ඒ අවට අය පවසන්නේ මෙම ස්ථානයේ අනතුරුදායක වංගුවක් ඇති බැවින් වාහන පාලනය කර ගැනීමට නොහැකිව ඇලට අද වැටෙන බවය. බොහෝ දෙනෙකු පිදේනි තටු ආදිය කාලයක පටන් ගෙනැවිත් දමන්නේ මෙම ඇල අසල මාර්ගයට යාබදවය. කෙසේ වුවත් මෙවැනි කථා පැතිරි ගියද ගමේ බොහෝ දෙනෙකු මෙය විශ්වාස නොකරයි. මෙම සිද්ධින් සිදුවූ ස්ථානය අසලම පදිංචි සාමදාන විනිශ්චයකාරවරයෙකු වන එස්. විදානගමගේ මහතා කියන්නේ මෙය කට කතාවක් මිස ඊට වඩා වැඩි දෙයක් නොමැති බවය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles