12.6 C
London
Thursday, May 15, 2025
spot_img

සුප්‍රිම් සැට් 1 උඩු ගුවනට

“සුප්‍රීම් සැට් 1” සන්නිවේදන චන්ද්‍රිකාව ශ‍්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ අභ්‍යවකාශ ගත කළ බව සුප්‍රිම් සැට් සමාගමේ මෙරට ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි.

සුප‍්‍රිම් සැට් වන් චන්ද්‍රිකාව අද අභ්‍යාවකාශ ගත කෙරුණේ චීන – ශ‍්‍රී ලංකා සමාගම් දෙකක සහයෝගීතාවයෙන්. අද අභ්‍යාවකාශ ගත කෙරුණු මෙම චන්ද්‍රිකාව මගින් චන්ද්‍රිකා රූපවාහිනී සේවාවන් සඳහා එළඹෙන වසරේ ජූලි මාසයේ සිට පහසුකම්ද සැපයීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 320 ක්. වසර එකහමාරකට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ මූලික අදහසේ හිමිකරු වන්නේ අභ්‍යාවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂයි.

අමාත්‍ය තිස්ස විතාරණ, අභ්‍යවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂ ඇතුළු පිරිසක් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවස්ථාවට එක්වුණා.

මෙම චන්ද්‍රිකාව පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම්ගත කර තිබුණත්, එය පසුව දින 5 කට කල් දමනු ලැබුවා.

http://youtu.be/AMVEXQ_Ghv4

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles