සුප්‍රීම් සැට් 1 ගැන රෝහිත කතා කරයි.

ශ්‍රි ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව වන සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව නොවැම්බර් 27 වැනිදා යළිත් අභ්‍යවකාශගත කිරීමට සැලැසුම් කර ඇතැයි සුප්‍රිම් සැට් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

එහි සභාපති ආර්. ඒ. මදිවානන් මහතා ‘මව්බිම’ට කියා සිටියේ සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට ක්‍ෂේත්‍ර රැසකින්ම වාසි අත්වන බව සුප්‍රිම් සැට් ආයතනයේ ප්‍රධානියකු වන රෝහිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය. මෙමඟින් ලංකාව සිදුකරන්නේ මෙවැනි දෙයක් ලෝකයාට ප්‍රදර්ශනය කිරීමක්. මෙය පෞද්ගලික අංශයේ ලොකු අභියෝගයක් වන බවද ඔහු කීය.

මෙවැනි ආයෝජනයක් ලංකාවට පැමිණීම ඉතාමත් සාර්ථක දෙයක්! දැනට අප පාවිච්චි කරන්නේ පිටරටවල චන්ද්‍රිකාවන්. සල්ලි ඉතුරු කරගෙන අපගේ රටේ සමාගම්වලට ගන්න පුළුවන් සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට සැලැසුම් කර තිබුණේ නොවැ: 22 වැනි දින පස්වරු 3.43ටයි.

අද දෙරණ

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...