19.4 C
London
Thursday, June 19, 2025
spot_img

‘සුපිරි’ කොදෙව්වෝ ලෝක ශූරයෝ වෙති

ශ‍්‍රී ලංකාවේදී මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවති 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය නිමා වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශූරතාවය දින ගනිමිනි.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ පැවති තරඟයේදී කාසියේ වාදිය දිනා මන්දගාමී තණ තීරුවේ මුලින් පහර දුන් කොදෙවුවන් ලබා ගත්තේ ලකුණු 137ක් පමණි. ප‍්‍රවේගකාරී පිතිකරු ගේල් ලකුණු 02කට දැවී ගියද හයේ පහර 06ක්ද සමඟ ලකුණු 78ක් ලබා ගැනීමට මාලන් සැමුවෙල්ස් සමත් විය.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කල ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18.4 අවසාන වන විට ලබා ගත්තේ ලකුණු 101 පමණි.

ඒ අනුව තරඟයෙන් ලකුණු 36ක ජයක් හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 20-20 ලෝක ශූරයන් ලෙස අභිශේක ලැබීය. ශ‍්‍රී ලංකා කණ්ඩායම අනුශූරයන් විය.

තරඟාවලිය පුරාම කොදෙව් කණ්ඩායම සියළු පේ‍්‍රක්‍ෂයකයන්ගේ ආකර්ෂණය දිනා ගත් කණ්ඩායම වූ අතර නිහතමානීකම, ක‍්‍රීඩාශීලීත්වය, විනෝදකාමීත්වය, දැවැන්ත ප‍්‍රහාරක පිතිකරුවන් සතුවීම ඊට හේතු විය.

 ලකුණු පුවරුව

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles