තමන් හෙරොයින් කුඩු 27 ක් ළඟ තබා ගත්තේ හෙරොයින් භාවිතයට පුරුදු වූයේත් තමාගේ ප්‍රයෝජනයට බව ශ්‍රී ලංකාවේ තරුණ ගුවන් සේවිකාවක වන රොසෙල් බහාර ඈන් නැමැත්තිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අභිමුවේ (07) කියා සිටියාය.
460mg ක් බර හෙරොයින් පැකට් 20 ක් මෙම ගුවන් සෙවිකාව ඇද සිටි සාරියේ ඉන පෙදෙසේ සගවා තිබියදී සොයාගෙන ඇති අතර සාමාන්‍යයෙන් ඇය දිනකට හෙරොයින් පැකට් 4 ක් පමණ පානය කරන බව හෙළි වී ඇත.
පාටි එකකදී යාළුවන්ගේ බලපෑමට නිකං අත්හදා බැලූ ඇයට දැන් කුඩු නැතුවම බැහැ යැයි ඇය පොලිස් ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත. රාජගිරිය, කළපළුවාව ප්‍රදේශයේ පදිංචි මෙම ගුවන් සේවිකාව පැමිණ ඇත්තේ ඇගේ මවට සේවා ස්ථානයෙන් ලබා දී ඇති නිල රථයෙනි. ඇය මේ වන විට රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර ඇය සමග එකතු වී හෙරොයින් පානය කරන අනෙක් තරුණ පිරිස සෙවීමට පරීක්ෂන ආරම්භ කර ඇත.