11.3 C
London
Friday, May 16, 2025
spot_img

‘සූපවේදී ඔලිම්පික්’‌ තරගාවලියේ දී ලංකාවට පළමු තැන

ඔලිම්පික්‌ තරගාවලියට සමගාමීව පවත්වන තවත් තරගයක්‌ වූ ‘සූපවේදී ඔලිම්පික්’‌ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දාහතර දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ඉදිරිපත් විය.

ජර්මනියේ අර්පත් නුවර පැවැති මෙම ඔලිම්පික්‌ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ දාහතර දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායම රන් පදක්‌කම් 15‌ද රිදී පදක්‌කම් 14‌ද ලෝකඩ පදක්‌කමක්‌ද දිනාගනිමින් ලෝකයේ පළමු ස්‌ථානය පළමු වරට ශ්‍රී ලංකාව දිනාගත්තේය.

එයිට්‌කන් ස්‌පෙන්ස්‌ සමාගම නියෝජනය කරමින් හෙරිටන්ස්‌ අහුන්ගල්ල හෝටලයේ නිපුණතා සංවර්ධන සූපවේදී දිමුතු කුමාරසිංහ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ විවිධ හෝටල් වලින් තෝරාගන්නා ලද දාහතර දෙනෙකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ මේ සදහා ඉදිරිපත් විය.

ලෝකයේ ප්‍රබල රටවල් 56 ඉදිරිපත් වූ මෙම තරගාවලියට ඉදිරිපත් කරන ලද නිර්මාණ සංඛ්‍යාවද තුන්දහසකට වැඩිවිය.

රසකැවිලි, කේක්‌, වෙඩිං කේක්‌ ආකෘති චොකලට්‌ නිර්මාණ, එළවළු සැරසිලි නිර්මාණ, සීනි නිර්මාණ මේ සඳහා ඉදිරිපත් කරන ලද නිර්මාණ වේ.

මෙම තරගයේදී ජර්මනියට දෙවන ස්‌ථානයත්, ඉතාලියට තෙවන ස්‌ථානයක්‌ හිමිවිය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles