සූර්යයා මෙන් 320 ගුණයක් විශාල තාරකාවක් සොයා ගනී

සූර්යයා මෙන් තුන්සිය විසිගුණයක් පමණ විශාලත්වයකින් යුතු ‘යෝධ නිල් තාරකාවක්’ බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන් සොයා ගෙන තිබේ. මෙය ‘R-136 AI’ යනුවෙන් නම්කර ඇති අතර සූර්යයා මෙන් තුන්සිය විසි ගුණයකින් විශාල වුවද පියවි ඇසට නොපෙනෙන බවද මේ යෝධ නිල් තාරකාව විශ්වයේ ඈත කෙළවරක ස්ථානගත වී ඇති බව බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන් විසින් තොරතුරු සොයා ඇතැයි බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පැවැසීය.

යෝධ නිල් තාරකාව පිළිබඳ චිලී රටෙහි ඇටකාමා කාන්තාරයේ සවිකොට ඇති දක්ෂිණ යුරෝපා නිරීක්ෂණ ඒකකයට අයත් නවීනතම අධිබලැති දුරේක්ෂ හතරක් උපයෝගි කරගෙන නිරීක්ෂණය කිරීමේදී සොයා ගෙන තිබේ.

මේ තාරකාව සූර්යයාගේ දීප්තිය මෙන් මිලියන විසිගුණයක් දීප්තියෙන් යුතුවන අතර එය නිල් සුදු වර්ගයේ යෝධ තාරකාවකි. මේ තාරකාව සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු දිගින් දිගටම සිදු කරන අතර පෘථිවිය වටා කක්ෂගත කර ඇති ඇමෙරිකා හබල් දුරේක්ෂය උපයෝගි කරගෙන තවදුරටත් තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කරන බවත් එහි ඡායාරූප ගැනීමද ඉදිරියේදී සිදු කරන බවත් බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...