Wednesday , 25 November 2020

“සෙක්ස් ටෝයිස්” වැටලීම…

අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රජයක් වන ශ්‍රී ලංකාව දරුණු ලෙස ලිංගික අසහනයෙන් පීඩා විඳින සමාජයකින් යුක්තය.

මේ අසහනකාරී ගෝත්‍රික දේශය කාලෙන් කාලෙට ලිංගික තහංචි පනවමින් අමුතු සුවයක් විඳිති. ගණිකා මඩම් වැටලීම , අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම , අන්තර්ජාල වරණය සඳහා කතිකා , ෆේස් බුක් තහනමට කතිකා , ජංගම දුරකථන වල අසභ්‍ය දසුන් තිබේද පරික්ෂා කිරීම වැනි දේ කරමින් සංස්කෘතිය රැකීමට ඉදිරිපත් වෙති. මේ රැක්මේ අලුත්ම වර්ධනය නම් “සෙක්ස් ටෝයිස්” භිතිකාවයි.

මේ ගැන ලක්බිම පුවත්පත මෙසේ කියයි. ශ්‍රී ලංකාවට “සෙක්ස් ටෝයිස්” යන්න අලුත් යෙදුමකි. නමුත් විදේශයන්හි ඒවා විකිණීම සඳහා වෙනමම සුපිරි වෙළඳසල් ඇත්තේය.

ලංකාවට අලුත් අත්දැකීමක් වූ මෙම සෙක්ස් ටෝයිස් නීතියට මුවාවෙමින් හොර රහසේ කොළොඹ තුන හා හතර ප්‍රදේශයන්හි පිහිටා ඇති සම්භාහන ආයතනවල විකිණීමට තබා ඇති බව පසුගියදා ලක්බිම නිව්ස් මාධ්‍යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් අනතුරුව සොයාගෙන තිබේ.

ඉන්දියාව, චීනය, මලයාසියාව , සිංගප්පුරුව, තායිලන්තය වැනි රටවලින් ඖශධ වර්ග ගෙන්වන මුවාවෙන් ගෙන්වන මෙම සේක්ස්ටෝයිස් ලංකාවේදී අලෙවි වන්නේ රුපියල් තුන්දාහත් හතලිස් පන්දාහත් අතර වූ මිලගණන් වලට බව හෙළි වී තිබේ. ලක්බිම පුවත්පතට අනුව මෙය දැනටම ලංකාවේ උප සංස්කෘතියක් බවට පත්වී හමාර අතර දිනෙන් දින මෙයට ඇති ඉල්ලුම ඉහල යයි .

දිනකට අවම වශයෙන් කාන්තාවන් 5 දෙනෙක්‌ දූෂණයට ලක් වන සහ ළමා අපයෝජනයෙන් ලෝක වාර්තා තබා ඇති ශ්‍රී ලංකාවේ බරපතලම සංස්කෘතික වියසනය සෙක්ස් ටෝයිස් බව ලක්බිම පුවත්පත තීරණය කොට තිබෙන බව අපට සිතේ.

සංස්කෘතිය රැකීමට නම් “සෙක්ස් ටෝයිස්” තහනම් කල යුතුය. නමුත් සත්‍ය නම් මේ රටේ සංස්කෘතියක් නැත. මේ ප්‍රකාශයට විරුද්ධව අවි අමෝරා අනුරාධපුර පැත්තේ ගල්කණු පෙන්වමින් දේශප්‍රේමින් සටනට එනු ඇත.

සංස්කෘතිය යනු රෙද්ද පල්ලේ තිබෙන දෙයක් යැයි සිතන දේශප්‍රේමින් මේ රටේ බලවන්තයා විසින් දුබලයා පෙලන වනචාරී අසංස්කෘතිය ගැන මුනිවත රකිති.

බිරිඳ මැදපෙරදිග වහල් සේවයට යවා දියණිය අඹුකමට ගන්නා , ලිංගික අසහනයෙන් ඔද්දල් වෙමින් බස් රථයේ මහලු ආච්චි කෙනෙකුට හෝ ජැක එකක් ගසා ලිංගික පීඩනය පිට කර ගන්නා ශ්‍රී ලාංකිකයා ගැන කතා නොකරති.

දැඩි ලිංගික අසහනයෙන් පීඩා විඳින ශ්‍රී ලංකික සමාජය ලිංගික අසහනයේම ප්‍රතිපලයක් ලෙසට ඉස්මතු වන කුහකත්වය නිසා වාරණයම ඉල්ලති. වාරණය අනුමත කරන මේ ගෝත්‍රික දේශයේ නායකයන් තම ලිංගික අශා සන්තර්පණය කර ගන්නේ මහජන මුදල් වැය කරමිනි.

වාරණය ඉල්ලන සිවුරුකාරයන් ලෝගුකාරයන් තම ආගමික ශාස්තෘවරුනට පයින් ගසා පන්සල් පල්ලි අස්සේ හොරාට කම් සැප විඳිති. ඒ විඳින ගමන් ගිහියන්ට කල යුතු වාරණ ගැන දෙසා බාති.

මුළු රටම දරුණු ලිංගික අසහනයකින් ගිලී ඇති රටක “සෙක්ස් ටෝයිස්” සමාජයට අතිශයින්ම විනාශකාරී බව ලක්බිම නිව්ස්මාධ්‍යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් සොයාගැනීම නම් මරේ මරුය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...