සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මම කැරැලි ගහන්නද වීදි බහින්නද – මෛත්‍රිපාල ජනතාවගෙන් අසයි October 8, 2013 Comments Off on සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මම කැරැලි ගහන්නද වීදි බහින්නද – මෛත්‍රිපාල ජනතාවගෙන් අසයි 10 Views සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සම්මත කර ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ඉතිරිව පවතින්නේ වීදි බහින්නද? කැරැලි ගහන්නද? සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රශ්න දෙක රට හමුවේ තබමින්, තමන් මෙය පටන්ගත යුත්තේ කොතැනින් දැයි අසයි. සේනක බිබිලේ 35 වැනි ගුණ සමරු උළෙලේදී ඉහත සඳහන කළ සෞඛ්‍ය ඇමැතිවරයා කීවේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සැබෑ ලෙසට හරස්වන වග උත්තරකරුවන් කවුරුන්දැයි දැනගැනීමේ වගකීම ජනතාවට තිබෙන බවයි. අවසන් වෙමින් තිබූ ජාතික ඖෂධ පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවෙන් අතුරුදන් කළ නීති නිලධාරිනිය අද ඖෂධ සමාගමක උපදේශිකාවක් ලෙස කටයුතු කරන බව පැවැසූ ඇමැතිවරයා එවැනි වගඋත්තරකාරියක් ගැන කතා නොකරන මාධ්‍ය චෝදනා කරන්නේ සෞඛ්‍ය ඇමැතිවරයාට බව සිරිසේන මහතා පැවැසීය එවකට නීති කෙටුම්පත් නිලධාරිනිය වශයෙන් සිටි තැනැත්තිය පනතින් වැඩ අවසන් කරන බවට තමා ඉදිරියේ පමණක් නොව ජනාධිපතිතුමා ඉදිරියේ පවා ප්‍රකාශයක් කළ බව ඇමැතිවරයා සිහිපත් කෙළේය. පනත අතුරුදන් කළ මේ තැනැත්තිය ඖෂධ සමාගම්වල උපදේශිකාවක් ලෙස තනතුරක් දැරීම කොතෙක් දුරට සදාචාරාත්මකද කියන කාරණය හෘද සාක්‍ෂියෙන් විමසිය යුතු ප්‍රශ්නයක් ලෙස කී සෞඛ්‍ය ඇමැතිවරයා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයේදී තමා ඇත්ත වශයෙන්ම හිටගෙන සිටින්නේ කොතැනදැයි තමාගේ හෘද සාක්‍ෂියෙන්ම විමසා බලන්නැයි ඇමැතිවරු, නිලධාරීන් ඇතුළු මේ හා සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙළේය. උපුටා ගැනීම – මව් බිම පුවත්පත. Share awesome Don't Miss featured Latest pretty cool slider spotlight 2013-10-08 ceylonradio Share Facebook Twitter Google + Pinterest