ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩගේ අන්තර්ජාල වබේ අඩවියට අනවසරයෙන් ඇතුළු වී පැකේජ් ක්රමයට ගණිකා වෘත්තියේ යෙදෙන බවට දැන්වීමක් පළ කරන ලද සැකකරුවකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනු ලබන බව පෙරේදා(29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ හෙළි කළේය.
තමා පැකේජ් ක්රමයට ගණිකා වෘත්තියේ යෙදෙන බවටත්, තවත් නවක නිළියන් කිහිප දෙනෙකුද මේ සදහා යොදා ගෙන ඇති බවටත්, තමාගේ අපහැදිලි මුහුණ සහිත සේයාරුවක් ද ඉදිරිපත් කරමින් වෙබ් අඩවියක් පුවතක් පළකර ඇතැයි, සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය, මිට මාස කිහිපයකට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණ.
මෙම සිද්ධිය හේතුවෙන් තම පවුල් ජීවිතයට විශාල ප්‍රශ්නයක් ඇති වී ඇති අතර තමන් විශාල මානසික ආතතියකටද ලක් වී ඇති බවද සඳහන් කර ඇති පැමිණිලිකාරිය තමන් මේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය දොස්තර නීල් ප්‍රනාන්දු මහතාගෙන්ද ප්‍රතිකාර ලබා ගත් බවද සඳහන් කර ඇත.
මේ තැනැත්තිය අදාළ සිදුවීම හේතුවෙන් මානසික ව්‍යාකූලතාවයෙන් පෙළීම නිසා ආතතියට ලක්ව ඇතැයි සඳහන් කරමින් විශේෂඥ මනෝ වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මේ සිද්ධියට අදාළ සැකකරුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.
එම වෙබ් අඩවිය පවත්වාගෙන ගිය සැකකරු සම්බන්ධයෙන් තොරතුරුලැබී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.