14.8 C
London
Friday, May 23, 2025
spot_img

හදවතේ ලස්සන බාහිර ලස්සනට වඩා මට වටිනවා

සබ්රිනා ඇන්ඩි‍්‍රයා හර්ට් ඇයගේ නමය. ඇයගේ නම අනුව විදේශීය රටක තැනැත්තියක සේ පෙනුන ද, ඇය ශ්‍රී ලාංකීය දියණියකි. සබ්රිනා ඇන්ඩි‍්‍රයා ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ පසුගියදා පැවැති ලක්ස් ශ්‍රී ලංකා රූ රැජිණ තරගයෙන් පසුවය. එහි දී රූ රැජිණ ලෙස කිරුළ දිනා ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම් ලැබුවේ ඇයයි. කවු ද මේ සබ්රිනා ඇන්ඩි‍්‍රයා? අපි ඇයගෙන් ඒ විස්තර අහමු. සබ්රිනා ජාතික පුවත්පතක පිළිසඳරකට එක් වන පළමු අවස්ථාව මෙයයි.
සබ්රිනා ගැන කෙටියෙන්
ශ්‍රී ලාංකික යුවළකට දාව සබ්රිනා ඇන්ඩි‍්‍රයා හර්ට් උපත ලබා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේදීය. වයස අවුරුද්දක් පමණ වෙද්දී සිය පවුල ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සබ්රිනා පසුව අධ්‍යාපන කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකාවේදීය. වයස 19 පමණ වන විට නැවතත් ඇය ඕස්ටේ‍්‍රලියා ගොස් ඇත්තේ උපාධිය ලබා ගැනීම සඳහාය. එහි දී මාධ්‍ය සහ සන්නිවේදන අංශයේ උපාධිය ලබාගත් ඇය පසුව චැනල් – 7 රසවාහිනී නාලිකාවේ වසරක පමණ සේවය කර ඇත. ඊට අමතරව එරට අලෙවිකරණ ආයතනයක ද සේවය කර ඇත. ගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇය 21 වැනි සිය වස සඳහා වූ උසස් අධ්‍යාපන ව්‍යාපෘතිය සඳහා බැඳී සේවය කරමින් සිටී.

http://youtu.be/jsEMxCIqgvY

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles