14.9 C
London
Friday, April 25, 2025
spot_img

හර්මන් ලෝස් ශූරතාව ගම්පහට

මෙවර පැවති ජාතික ශිෂ්‍යභට බළකායේ බල ඇණි 22 කට අයත් පාසල් 74 ක ශිෂ්‍යභට ඛණ්ඩ අතර පැවති හර්මන් ලෝස් ශුරතා වාර්ෂික කදවුර පසුගියදා රන්ටැබේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී අවසන්විය.
පුරා දින 23 ක් පැවති මෙම කදවුරේදී හර්මන් ලෝස් ශුරතාවය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට හිමිවිය. ඔවුන් මෙම හර්මන් ලෝස් ශුරතාව දිනාගත්තේ වසර 18 කට පසුවය.
වර්ෂ 1923දී ශිෂ්‍යභට ඛණ්ඩයක් ලෙසටත් 1927 දී ජේෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩයක් ලෙසටත් සිය අභිමානවත් ගමන ආරම්භ කළ බණ්ඩාරනායක ශිෂ්‍යභටයෝ 1989 සිට නොකඩවාම හත වැනි බළ ඇණියේ ශුරතාවය දිනාගැනීම නිසා ඔවුන් හත් වැනි බළඇණියේ කේසර සිංහපෝතකයින් යන විරුදාවලියෙන් හැඳින්වෙයි.
බණ්ඩාරනායක විද්‍යාලයේ බටහිර ශිෂ්‍යභට තුර්යවාදක ඛණ්ඩයත් පෙරදිග ශිෂ්‍යභට තුර්යවාදක ඛණ්ඩයත් ගුවන්හමුදා ශිෂ්‍යභට ඛණ්ඩයත් මෙවර දිනාගත් විශිෂ්ට ජයග්‍රහණ සමග මෙම හර්මන් ලෝස් ශුරතාව දිනාගැනීමත් නිසා හොදම බළ ඇණියට හිමි සම්මානයද හත්වන බල ඇණියට හිමි විය.
සැරයන් ඩබ්ලිව් එම් ඒ මදුරංග (ජි 8710) ගේ නායකත්වයෙන් ඝන සරඹ සහ අධ්‍යක්ෂ පරීක්ෂණයෙන් දෙවැන ස්ථානයද බණ්ඩාරනායක විද්‍යාලටය දිනා ගත්තේය. හොදම අණදෙන්නා සහ හොදම සැරයන්වරයාට හිමි කුසලානය ද සැරයන් මදුරංග හිමිකර ගත්තේය. ජයසංකේත ප්‍රදානය ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් ගාමිණි ජයසුන්දර මහතා අතින් සිදුවිය.
බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මගපෙන්වීම අනුව ශිෂ්‍ය භට ඛණ්ඩ භාර ආචාර්යවරුන් වන ලුතිනන් දිනේෂ් තිලකරත්න, කලිතාන් කුෂාන් ලියනගේ සහ යූ ජී ඒ නිෂාන්ත ගමත්වරුන්ගේ මෙහෙයවීමෙන් බණ්ඩාරනායක විද්‍යාලයීය කණ්ඩායම හර්මන් ලෝස් ජාතික කඳවුර සහභාගී විය.
මේ අතර රන්ටැඹේහිදී පැවති හර්මන් ලෝස් සහ ද සොයිසා කුසලාන ඇගයීම් කඳවුරට සහභාගී වූ ඉන්දියා, බංගලාදේශ, නේපාල සහ පාකිස්ථානයේ ශිෂ්‍යභට බලකා නිලධාරීන් හා ශිෂ්‍යභට බාලක බාලිකාවන් ද මෙරට යුධ, නාවික, ගුවන්, පොලිස් සහ තුර්යවදන ශිෂ්‍යභට ඛණ්ඩවල ශිෂ්‍යභට සැරයන්වරු ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දර මහතා සමග නොබෝ දා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූහ. මෙම අවස්ථාවට ජාතික ශිෂ්‍යභට බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්ති ජයසුන්දර මැතිනියද සහභාගී වූවාය.

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles