Saturday , 7 September 2024

හායිකියු චණ්ඩමාරුතය චීනය වනසයිද?

* සතියක් ඇතුළත පිට පිට කුණාටු තුනක්
* නැව් 30,000ක් ආපසු කැඳවයි
* මුහුදුබඩ දුම්රිය ගමන් අත්හිටුවයි
*ෂැංගහයිවලින් 200,000 ජනතාව ඉවත් කරයි.

චීනයේ නැඟෙනහිර වෙරළ ප්‍රදේශයට සතියක් ඇතුළත තුන්වන චණ්ඩමාරුතය බලපෑමට ඔන්න මෙන්න තිබිය දී එරට රජය ෂැංගහයිවලින් 200,000 පමණ ජනතාවක් ඉවත් කරගෙන ඇත . මෙය වසර 2005න් පසුව චීනයට බලපාන දරුණුතම චණ්ඩමාරුතය ලෙස සැලකේ.

හායිකියු චණ්ඩමාරුතය ෂැංගහයිවලට දකුණු දෙසින් සෙයිංජෑන් වලින් ගොඩබිමට කඩා වැදිනු ඇතැයි විශ්වාසය පළ කර ඇත. එම ප්‍රදේශයෙන් නිවැසියන් 130,000 ඉවත්කරගෙන ඇති බව ෂින්හුවා පුවත් සේවය පවසයි.

මුහුදුබඩ මාර්ගවල දුම්රිය ගමනා ගමනය නතරකර ඇති අතර නෞකා 30,000කට පමණ ආපසු ගොඩබිමට පැමිණෙන ලෙස නියෝගකර ඇත. මෙම චණ්ඩමාරුතය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වැසි සහ ප්‍රබල සුළං බලපානු ඇතැයි චීන කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කරයි.

සතියක් ඇතුළත මීට කලින් බලපෑ චණ්ඩමාරුත දෙක හේතුවෙන් 23 දෙනෙක් මියගොස් තිබේ.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...