11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

හැරී කුමරු නිරුවතින් නටයි

එංගලන්ත රජ කිරුලේ වටිනාකම බිම හෙලමින් මෙම සති අන්තයේ වේගාස් හෝටලයේදි නලඟනන් සමඟ ප‍්‍රසිද්ධියේ නිරුවත් නර්තනයක නිරත වූ එංගලන්ත රජ පවුලේ හැරී කුමරු පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝටලයේ විශාල පරිසරයක ප‍්‍රභූ පැලැන්තියේ තම මිතුරන් සමඟ බිලියඩි කි‍්‍රිඩාවේ යෙදී සිටියදී මෙය සිදු කර ඇති බවද සදහන් ය. රැස්ව සිටි ප‍්‍රභූ පැලැන්තියේ අමුත්තන් ඉදිරිපිට තම රාජකීයත්වය සැනෙකින් නිරුවතට පරිවර්තනය කර ඇති හැරී කුමරුගේ මෙම උමතු කි‍්‍රයාව රැස්ව සිටි ඇතැමි පිරිස ඡයාරූපගත කර ඇති අතර එක් ඡයාරූපයක ඔහු නිරුවත් කාන්තාවක් පිටුපසින් සිටින අයුරුත් එවැනිම තවත් ඡයාරූපයක දෙනොම නිරුවතින් වැලදගෙන සිටින ආකාරයත් කැමරාවට හසු කර ගෙන ඇත.

මෙම සිදුවීම ලාස් වේගාස් හයිරෝලර්ස් හොටෙල් සුයිටි හි පසුගිය අඟහරුවාදා රාත‍්‍රියේ සිදුවී ඇති අතර මෙම ඡයාරූපයේ සිටින පුද්ගලයා හැරී කුමරුද ඔහු හා බොහෝ සමාන වෙනත් අයකුද යන වග හරියටම සනාථ වී නැති අතර හැරී කුමරු සඳුදා දින මෙම හෝටලයේ රැදී ඇති බවත් වාර්තා වි ඇත. එමෙන්ම මෙම තොරතුරු පිලිබඳ අදහස් දක්වන රාජකීය පවුල පෙන්වා දෙන්නේ මේ පිලිබදව හරිහැටි යමක් තමන් හට පැවසීමට අපහසු බවයි. මෙම ඡයාරූප සැනෙකින් ලොව පුරාම ප‍්‍රසිද්ධ කර ඇති බවත් වාර්තා වන අතර හැරී කුමරු තම රාජකීය පවුලේ වටිනාකම ලොවට ප‍්‍රදර්ශනය කිරීම පිලිබඳ එංගලන්ත රැජිණ ආඩම්බර විය යුතු බවට මාධ්‍ය විසින් තව දුරටත් පෙන්වා දි ඇත.

 

News-colombotelegraph-

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles