හැරී කුමරු වේගාස් නිරුවත් සෙල්ලම් ගැන කියයි January 23, 2013 Comments Off on හැරී කුමරු වේගාස් නිරුවත් සෙල්ලම් ගැන කියයි 6 Views හැරී තුමරු ඇෆ්ගනිස්ථානයේ රාජකාරි බලා පිටත් වීමට සති කිහිපයකට පෙර ලාස්වේගාස් හෝටලයකදී සිදුකල සෙල්ලම පිලිබඳව පලමුවරට කතා කර තිබේ. මිතුරන් සහ කාන්තාවන් කණ්ඩායමක් සමඟ නිරුවත් බිලියඞ් ක‍්‍රීඩාවේ යෙදෙන අයුරු එහිදී ඡයාරූප ගතකර තිබුණි. තමන්ට, පවුලට සහ මිනිසුන්ට අවමානයක් වන්නට ඇතැයි කුමරු ප‍්‍රකාශ කලේය. නමුත් තමා සිටියේ පුද්ගලික ප‍්‍රදේශයක බවත් යම් ආකාරයක පුද්ගලිකත්වයත් එහි තිබිය යුතු බවත් ඔහු ප‍්‍රකාශ කර තිබේ. එය කුමරකුට වඩා හමුදා නිලධාරියෙකු වූ තමා ගැන සම්භාව්‍ය උදාහරණයක් යයි ඔහු කියා ඇත. මේ ඡුායාරූප සිද්ධිය පිලිබඳව ක‍්‍රියාමාර්ග නොගන්නා බව රජ මාලිගය නිවේදනය කරයි. ගුවන් හමුදා තුන්වන රෙජිමේන්තුවේ 662වන බලඇණියේ සේවයට බැඳුන පසු හැරී කුමරු මහජන අවධානයෙන් ඉවත් වුවත් ඇෆ්ගනිස්ථානයේ බැස්ටන් කඳවුරේදී කතාබහට එක්වෙමින් මාධ්‍ය අවධානයට ලක්වීමට ඇති බිය පලකර ඇත. ක‍්‍රියාන්විතවල යෙදී සිටියදී සිය නෑනණ්ඩිය වන කේම්බි‍්‍රජ් ආදිපාදවරිය ගර්භණී බව දැනගත් කුමරු මාධ්‍ය හරහා ඇයට පණිවුඩයක් ද යවා ඇත. සියරට පැමිණීමෙන් පසු මාස 4කට පෙර සිටියාටත් වඩා වැඩිපුර මාධ්‍ය අවධානය යොමු වී ඇති අතර 28 හැවිරිදි කුමරුට පිලිවෙලක් වන ලෙසද බලපෑම් එල්ල වී ඇත. ඔහු කියන්නේ සුදුසු කෙනෙක් හමුවී සියල්ල සම්පූර්ණ වූ පසු එය සිදුවනු ඇති අතර ඉක්මන් නොවිය යුතු බවයි. රාජකීය කටයුතු වලට වඩා හමුදා භූමිකාවට මුල් තැනක් දී ඇති හැරී කුමරු ඔවුන් අතර සිටින විට තමන් කවුදැයි අමතක කල හැකි බවද සඳහන් කරයි. පංති කාමරයකට වඩා ගුවන්යානා නියමු කුටියේදී තමන්ට හුරුපුරුදු බවක් දැනෙන බවද ඔහු කියා ඇත. Share featured Latest slider 2013-01-23 ceylonradio Share Facebook Twitter Google + Pinterest