හිටපු එස්.එස්.පීට පහරදීලා-එස්.එස්.පී රෝහලේ-සැකකරු දැලේ

හෝමාගම පිටිපන ප‍්‍රදේශයේදි විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, එම්.ඩී.සී.සපරමාදු මහතාට පහරදී ඔහුගේ රන් මුදුවක් කොල්ලකාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද දින(16) දහවල් 12.15 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවත්, ඉන්පසුව පොලිසිය කළ විශේෂ මෙහෙයුමකදි මෙම අපරාධය සිදුකළ සැකකරු වන සනත් ධර්මසිරි නැමති අයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

ඒ අනුව අදාළ මුදුවද සොයා ගෙන ඇති බවත්,මෙම සැකකරු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවෙකු වන අතරම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුට විරුද්ධව අධිකරණයට මගින් නිකුත් කළ වරෙන්තු 5ක් තිබුණු බවත් සඳහන්ය.

මේ සම්බන්ධයෙන් හෝමාගම මුලස්ථාන පොලිස් පරික්ෂක ප‍්‍රසන්ත රත්නායක ඇතුළු නිලධාරින් පරික්ෂණ පවත්වන බවත්, විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සපරමාදු මහතා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සපරමාදු මහතා දිර්ඝ කාලයක් පොලිස් ඇඟිලි සලකුණු කාර්යංශයේ අධ්‍යක්‍ෂක ලෙස සේවය කර 1993 දී විශ‍්‍රාම ලබා ඇත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...