පසුගියදා අවසන් වූ 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතර, ක්‍රීඩකයන් කීප දෙනෙකු විසින් කීප අවස්ථාවකම ඉදිරිපත් කළ අපූරු නර්තනයක් දැකගත හැකි විය. බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල් තමා විසින් විකට්ටුවක් ලබාගත් සෑම අවස්ථාවේම එය ඉදිරිපත් කළේය. ඒ නිසාම ක්‍රීඩා ලෝලීන් අතර මෙම නැටුම් ඛණ්ඩය මහත් ප්‍රසිද්ධියට පත්විය. මෙම නර්තනය සොයා අතීතයට ගිය ගමන 2012 ජූලි මාසයෙන් නැවතිණි. එයට හේතුව මෙම නර්තනය පළමුවරට ඉදිරිපත් වී තිබුණේ් එම කාලයේ වීමයි.
1977 දෙසැම්බර් 31 දින උපන් දකුණු කොරියානු ජාතික ගායකයකු, ගීත රචකයකු, නර්තන ශිල්පියෙකු හා රැප් ගායකයකු වූ (Psy) සයි, මෙම නර්තනයේ නිර්මාණකරුවාය. ඔහු විසින් නිර්මාණය කළ “Gangnam Style” නම් ගීතයට මෙම නර්තනය ඉදිරිපත් කරන්නේද සයි විසිනි. එහි ගායකයාද ඔහුය. Gangnam යනු දකුණු කොරියාවේ නගරයකි. එහි ජීවත් වෙන්නේ හිපි සංස්කෘතියට අයත් ජේත්තුකාරයන්ය. ගංග්නම් නගර වැසියන්ගේ ජීවන රටාව ඇසුරින් නිර්මාණය කර ඇති මෙම ගීතය Youtube වබේ අඩවියට මුදා හැර තිබුණේ ජූලි 15 වැනිදාය. දින 50ක් ගතවන විට ගීතය නරඹා තිබූ සංඛ්‍යාව මිලියන 359ක් විය. ගංග්නම් ස්ටයිල් ගීතයට සයි විසින් ඉදිරිපත් කරන නර්තනය ගංග්නම් ඩාන්ස් (Gangnam Dance) නමින් ලොව පුරා ජනප්‍රිය වී තිබේ. මේ වන විට මෙම නර්තනය අනුකරණය කරමින් ලොව බොහෝ රටවල වීඩියෝ පට විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වී තිබේ.
ඇමෙරිකන් ඩොලර් මිලියන 4ක වත්කමකට උරුමකම් කියන සයි බොස්ටන් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. 2006 දී (Yoo Hye – Yean) සමග විවාහ වූ ඔහු සංගීත ක්ෂේත්‍රය තුළ සිය නම රැඳවීම සඳහා ඇල්බම 4ක් නිකුත් කර තිබේ. සයි(Psy) ලෙස හැඳින්වුවද ඔහුගේ නිත්‍ය නම Park Jae – Sang වේ. (Psy) ගේ නර්තනය පිළිබඳව සිය අදහස් මාධ්‍යය ඔස්සේ හෙළි කරන්නට යුරෝපයේ ජනප්‍රිය කලාකරුවන් රැසකම ඉදිරිපත් වී තිබේ. ඒ අතර කේටි පෙරි, බ්‍රිට්නි ස්පියර්ස්, ටොම් කෲස් ද සිටී.
ගංග්නම් ගීතයත් සමග ගංග්නම් නගරය තුළ නව උප සංස්කෘතියක් ද බිහිවෙමින් පවතී. දිවා රාත්‍රී දෙකෙහිම විනෝදාස්වාදය සැපයීම සඳහා සමාජ ශාලා, තරුණ සමාජ වැනි අංග කීපයක්ම මේ වන විට නගරය තුළ බිහි වී තිබේ. නගරය තුළ ඇති සුපිරි වෙළෙඳ සල්වලින් බිහි වී ඇති ළාබාල තරුණියන් පිරිසකි. ඕනෑම පාරිභෝගිකයෙකු දුරකතන ඇමැතුමක් මගින් ඇණවුම් කරන භාණ්ඩ, නිවසටම ගෙනවිත් බාරදීම මේ තරුණියන්ගේ සේවයේම කොටසකි. ඔවුන් ‘හජුසියෝ’ නම් වේ. මෙම සේවය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. නව සංස්කෘතියට අනුව බිහි වූ රූපලාවන්‍යාගාර හඳුන්වන්නේ ඇප්ගුජියන් නමිනි. මෙහිදී පිරිමි පක්ෂයට කාන්තාවන් මෙන් හැඩවීමටත්, කාන්තා පක්ෂයට
පිරිමින් මෙන් හැඩවීමටත් අවස්ථාව ඇත. ඊට අමතරව සිය මුහුණද ප්ලාස්ටික් ශල්‍ය කර්ම මගින් වෙනස් පෙනුමක් ලබා දීමටද ඔවුන් ඇප කැප වී සිටී. හිපි සංස්කෘතියේ අංග රැසකින් සමන්විත ගංග්නම් නගරය ඇමෙරිකාවේ බෙවර්ලි හිල්ස් නගරයට බොහෝ සෙයින්ම සමාන වී තිබේ.
ගීතය සහ නර්තනය නිසා ලද ජනප්‍රියතාව නිසාම ඇමෙරිකාවේ නාවුක ඇකඩමිය, ඇමරිකාව තුළ මෙම නර්තනය ඉගැන්වීමට අවසර ඉල්ලා තිබේ. 2013 දී ජර්මනියේ පැවැත්වීමට නියමිත MTV Europe Music Awards 2012 සම්මාන ප්‍රදානෝත්ස්වයේ තේමා රූපරචනය සඳහා යෝජනා වී ඇත්තේද Gangnam Style ගීතයයි. Psy වෙත ලෝවටා විවිධ වැඩසටහන්වලින් ආරාධනා ලැබෙන්නට පටන්ගෙන ඇත්තේ මේ ගීතය ජනප්‍රිය වීමෙන් පසුවය. The Today show, Saturday Night Live Dodger Stadium, The Ellen Degeneres Show වැනි වැඩසටහන් ඒ අතරින් ප්‍රමුඛ වේ. සැම්සුන්ග් සමාගමේ නව වෙළෙඳ දැන්වීමෙහි පෙනී සිටින්නේද Psy වේ. ඉතා කෙටි කාලයක් තුළ මෙම ගීතයට මෙතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබිම, තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවු බව වරක් කොරියානු මාධ්‍ය ආයතනයක වූ සම්මුඛ සාකච්ඡාවකදී Psy පවසා තිබේ. මෙම ගීතය සඳහා තමා ඉදිරිපත් කළ රංගනය පෙර පුහුණුවක් නොමැතිව, තමාගේ කැමැත්ත මත “ආවාට, ගියාට” ඉදිරිපත් කළ රංගනයක් බවද ඔහු පැවසුවේය.
Gangnam නර්තනය සහ ගීතය මෙතරම් ජනප්‍රිය වී තිබෙන්නේ, කොරියානු ජන ජීවිතයට අදාළ හැඩතල ඉතාම සරලව ඉදිරිපත් කළ නිසයි. “-ෙම් නර්තනය හරිම පහසුයි. පුහුණුවක් නැතිවම කරන්න පුළුවන්. මේක මාගේ ඇගේ තිබෙන Style වලින් එකම එකක් විතරයි. තව ටික කාලයකින් මේ ගීතය වෙනත් ග්‍රහලෝකවලත් ඇසෙන්නට පටන් ගනීවි ….”
ඔහු CNN සේවයට පවසා තිබිණි. කෙසේ වුවද මෙම නව සංස්කෘතියත් සමග Gangnam නගරයේ දරුවන් නොමගට යොමු වීමේ අවදානමක් පවතින බව විවිධ අවස්ථාවල විවිධ ජනමාධ්‍ය පවසා තිබේ. රාත්‍රී සමාජ ශාලා, මිතුරු සමාජ වැනි සංස්කෘතියක් Gangnam නගරය තුළ නොතිබූ කාලයට වඩා වර්තමාන ළමා පරපුර, වැඩි වශයෙන් අපයෝජනවලට යොමුවේය යන මතය ඔවුන් පුන පුනා ප්‍රකාශ කරති. ගීතය සහ නර්තනය ලොව පුරා ප්‍රසිද්ධ වීමේ වගකීම Psy විසින් හිස් මුදුනින් භාරගත්තද, ළමා පරපුර විනාශය කරා ළඟා වීමේ වගකීම ඔහු ඒ ආකාරයෙන්ම පිළිගනිවිද යන්න ජනමාධ්‍ය ආයතන ප්‍රශ්න කරති.