19.4 C
London
Thursday, June 19, 2025
spot_img

හිමාලයානු මහා ඝෘෂිවර විසින් – ගාල්ලේ කොහොඹ මන්ත්‍රාචාර්‍යයාට වැඩ වරදී…

ආදි මහා ප්‍රාතිහාර්‍ය පාමින් දේව පූජාවක් පවත්වන්නට එන බව කියූ “හිමාලයානු මහා ඝෘෂිවරයෙක්” නොපැමිණීමෙන් කුපිත වූ දෙදහසක පමණ පිරිසක් නොසන්සුන්ව හැසිරෙන්නට වීම නිසා‍ ඉකුත් 01 වැනිදා රාත්‍රියේ ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයක් අසල මහත් කලබගෑනියක් ඇති වුනා.

මෙම ඝෘෂිවරයා මහානුභාව සම්පන්න යන්ත්‍රයක් සහ ලක්ෂයක් වාරයක් ජීවන් කළ තෛලයක් බෙදා දෙන පවසා ජනතාවගෙන් රුපියල් ලක්ෂ පහකට වඩා එකතු කර ගෙන තිබීම නිසා ජනතාව කුපිත වුනා. ප්‍රාතිහාර්‍ය සංවිධානය කළ පිරිසට අතින්, පයින් පහර දෙන්නට සූදානම් වූ අවස්ථාවේ ගිරාඳුරුකෝට්ටේ පොලිසිය මැදිහත් වී ඔවුන් බේරා ගෙන තිබෙනවා.

පූජාව පවත්වන කණ්ඩායමේ නායකයා ලෙස සිට ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ‘කොහොඹ මන්ත්‍රාචාර්‍ය’ නමින් හඳුන්වාගත් අයෙකි. කෝවිල්වල සේවය කරන අයියාර්වරුන් දෙදෙනෙක් , මැදිවියේ කාන්තාවක් ඇතුළු 13 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ.

පස්වරු 6ට දේව පූජාව ආරම්භ වන බව පැවසුවත් රාත්‍රි 10 වෙනතුරුත් පූජාව ආරම්භ වූයේ නැත. මෙම අවස්ථාවේ දී රැස් වී සිටි පිරිස නොසන්සුන් වන්නට වූ අතර මැදිවියේ කාන්තාවක් වර්ණවත් සාරිවලින් සැරසී පැමිණ අවිධිමත් ලෙස පරල වී නටන්නට පටන් ගෙන ඇත.

හිමාලයෙන් එන බව පැවසූ මහා ඝෘෂිවරයා දකින්නට නොමැති වීමත්, ඔහුගේ ප්‍රාතිහාර්‍ය පෑම බොරුවක් බවත් වටහාගත් මහා පිරිස දේවගැති කණ්ඩායමට පහර දෙන්නට සූදානම් වී තිබේ. එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන් සහ ගිරාඳුරුකෝට්ටේ පොලිසිය තත්ත්වය සන්සුන් කරන්නට මහත් වෙහෙසක් ගත්හ.

මොවුන් මහියංගනය උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු නායකයා ලෙස පෙනී සිටි පූසාරියා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සෙසු දේවගැතියන්ට රුපියල් ලක්ෂය බැගින් ඇප නියම කෙරිණ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles