හිලරි ක්ලින්ටන් ඉල්ලා අස් වේ, ඉතිරි කාලය පවුලේ කටයුතුවලට October 26, 2012 Comments Off on හිලරි ක්ලින්ටන් ඉල්ලා අස් වේ, ඉතිරි කාලය පවුලේ කටයුතුවලට 3 Views ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් ධූරයෙන් ඉවත්විමට තීරණය කර ඇත. එම ධුරයේ තවදුරටත් රැඳි සිටින ලෙස ඇයට ඉල්ලා සිටියත් එය නොතකා ඇය ඉවත්වන බව ජනාධිපති ඔබාමා බදාදා ප්‍රකාශ කර තිබේ . ඇමෙරිකාවේ එන්. එස් . බී රූපවාහිනිය ඔස්සේ මේ බව අනාවරණය කළ ඔබාමා ඇය අතිශය බැරෑරැම් කාර්යභාරයක් දැඩි කැපවීමකින් ඉටුකර ඇතැයි ප්‍රශංසා මුඛයෙන් පවසා තිබේ. ඇමෙරිකා ජනාධිපතිවරණය නොවැම්බර් 6 වෙනිදා පැවැත්විමට නියමිත අතර දෙවන වරටත් තමාට ජනාධිපති ධූරය හෙබවීමට හැකිවනු ඇතැයි ඔබාමා අපේක්ෂාවෙන් පසුවේ. කෙසේවෙතත් 2008 පසුගිය ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට හිලරි ක්ලින්ටන් ප්‍රයත්න දැරීම හේතුවෙන් ඇය ඔබාමාගේ ප්‍රතිවාදිනිය බවට ද පත්වි සිටියාය. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ගේ බිරිය වන හිටපු සෙනෙට් සභිකයකු වූද හිලරි වත්මන් ජනාධිපති ඔබාමා පරිපාලනයට විශාල සම්පතක් විය .ඇය ඉතා ප්‍රවිණ සහ ජනප්‍රිය නායිකාවක් වුවාය. හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් ධූරයෙන් ඉවත් විමට තීරණය කර ඇත්තේ පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කිරිමට බව සඳහන් වේ. Share featured Latest slider 2012-10-26 ceylonradio Share Facebook Twitter Google + Pinterest